Saturday, April 15, 2017

නුහුරක නුඹ


ඇරැඔුමම අව්ලක් උනා

මොහොතකට සිත ගල් වෙලා

බලා සිටිනෙමි නුඔ දිහා

උපකල්පනයකට ලං වෙලා

සිතිවිල්ල ඇවිදින් දොඩමළු වෙලා
 

කවි සිතුම් සිතුවම් කලා
 

මට ලියන්නට දහසක් කතා
 

මතකයක ඇත ගබඩා වෙලා
 

ඔබ නුරුස්සන මගේ පෙම් කතා
 

ඇසට පිනවන රූ රටා
 

ඈත සිතිජයකින් අහුලලා
 

ගෙත්තමක් කරමිය රස මවා
 

පිළකුලක් නම් ඒ කතා
 

අවමනක් කර මට තලා
 

පිට මං කරන් දෑසම වසා
 

ඉදින් මං ලියන්නද කා නිසා
 

@අසම්මත/16/04/15/@
පියාපත් බර විඩා ද‍ේ නම් මදක් හ‍ෙවනක නැවතිලා..........................................
නෙළා න‍ොගනෙම මිහිරි පලයක් තුරට පවරා රස බලා...................................
මලක් නටුව‍ෙන් මුදා න‍ොගනෙම පැහැය හැඩ වැඩ පසසලා...............................
තවත් චුට්ටක් පියාඹනු සකි ඉදියි ඈ ප‍ෙර මග බලා.........................................
පියාඔා එමි
ගව් ගනන් දුර
ඈත නුවරක
වසන නුඔ සොයා
මං මුලා වේද නොදනිමි
කියන් සබදිනි
පාර නොදැනම
වං හුං ද නොදැනම
පියැඔු නිසා
ආ දුරත් දැන්
හුගක් ඈතයි
දැනුනේ වීඩාවක් නිසා
සෙනෙහසක දුක
දරා ඉවසමි
පියාඔමි ඔබ දකිනා තුරා
@අසම්මත/16/04/15/@
නික්ම යන්නම්
අවසරද මට
ඔබ නුවන් දැහැනින්
නුවර තනිකර
සදළුතලයක හිටිය සිරකර
අකමැතිම දිවියෙන්
පවුරු බැදගෙන
ඉසුරු ඩැහගෙන
ගෙවන දිවි ගමනින්
පලක් නෑ මට
සොදුරු හිමි නුඔ
නික්ම යමි රහසින්
පැල්පතක ඇති
සුන්දරත්වය විදිමි මා මනසින්
තිබුන පෙු්මය
නටබුමක් නොව
ගොඩ නගමි හනිකෙන්
ඉතින් මම නික්ම යන්නම්
නිදහසක් ඇති
ආදරය සොයමින්
@අසම්මත/16/04/15/@
That's all for 15 April.
Here are some more memories that we hope you like.
බක්මහත් ඇවිදින්
හිත හොයන වසන්තය
නොලැබීම දුකක්මැයි
සියුම් සිතිවිලි හදට
පිටුපෑවේ නුඔ තමයි...
See more
සුසුම් නැගෙනා හදකට
කදුළු නැගෙනා නෙතකට
සිනහා සොයනා මුවකට
ආදරය සොයනා හදකට
පැතුම් පතනෙමි ...
See more
Thanks for coming!

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.