Wednesday, April 19, 2017

කටු රෝස


සියුමැලි සුරතින් නෙළු

මා හද උයනේ පිපී ලෙලුනු

ඒ රෝස මල කටු ඇනුනු

ඇනුම් පද අසාගෙන

නුඔ නමටම පිදුනු
 

කවි ගෙත්මක් එක්ක
 

අදුනන පපුතුරේ හඩන
 

ආදරේ මිහිරිම වදන
 

මා මුවින් තෙපුලන ලදුව
 

උමතුවක් වැළදිලා යැයි දොඩන
 

නුඔ හදුනන් නැත්තෙමිය
 

කුමකට කතා බස් කෙරුම
 

කියන්නී තෙතමනයක් හදෙහි නැතුව
 

ඒත් මම කියමී මම දනිමි
 

නුඔ හද ගැහෙනා හැඩය
 

ආදරයක් සොයා හඩන හිත
 

හංගමින් වහන් වී රැදුන
 

සෙනෙහසක් සොයන වග ලමැද
 

කාටවත් නෙමෙයි නුඔට විතරක්ම
 

කුරුටු ගෑවුනේ මේ පද නුඔ නමට
 

එහි අයිතිය මගේ නොව
 

කවියක ගෙතී ලියැවෙන්නෙ නුඔට
 

@අසම්මත/16/04/18/@

Comments
Pravini Charithra
Pravini Charithra කෙසේ නම් කියන්නද මම
මගේ අයිතියවත් මට නැති වග.....
Kamal Bandara Herath
Kamal Bandara Herath Marama maaaaaaaarai.. Sirawatama patta..
මල් පියවිලි
මල් පියවිලි අවර්ණ ජීවිතයට...
වර්ණාවලියක් කුමට...
එක පාට තිතකුත්...

මහ මෙරක් වුනා මට...

අවසනයි කියා පත්තිරුවක ලියා

හද රැදි ආදරය සගවා

මා නෙත් අද්දරට වී

සැගවිලා එබිකම් කලා

මටත් ඉවසන්න බෑ
 

ඒ නුවන් ඉස්සරහා
 

දිගම කවියක් වෙලා
 

හදවතම රිදවනා
 

නුඔ ඈත යන්නේම
 

අකමැත්තකුත් එක්ක
 

සැගවිච්ච අකුරු අතර
 

වෙව්ලනා ඉකිබිදුම
 

ජීවිතේ පවතිනාතෙක්ම
 

රිදුම් දෙයි නුඔට
 

නෙත් පුරාකදුළු කැට නිතර
 

රූ රාවී නුඔ අතට
 

මතකයන් කොනහන්න එපාමයි එවිට
 

රිදුමක් දැනෙයි මගෙ හදට
 

@අසම්මත/16/04/17/@
Comments
Thehara Thanuja
Thehara Thanuja Godak lassanai
Kamal Bandara Herath
Kamal Bandara Herath Me kavi mage hithata thadin danenawa..
Deepika Perera
Deepika Perera රිද්මයක් අහිමිවුව මෙයත් මුදු සෙනෙහසක්
Sandhya Wijesekara
Sandhya Wijesekara Aththamay nube wadan
Nisha Liyanage
Nisha Liyanage අපුරුයි
මල් පියවිලි
මල් පියවිලි වැයූ වෙණ තතක...
කවි සිත්තමක...
හුරු පුරුදු හඬක...
...See more
Thanks for coming!

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.