Tuesday, April 4, 2017

අදත් මම හිටියා

අදත් මම හිටියා
ඒ පාර අද්දර
මග නොමග කියා දුන්
නුඹ එතැයි සිතා
හරි මගම යනවදැයි කියා අහන්නට
මට වැරදුනා මතකයි ආයෙමත්
වැරදි පාර ඉමක යලි මම
කියාදෙනවද එක වතාවක් තව
හරිම මග මේකයි කියා
නුඹට දැනෙන මග ඇරෙන පාර
මට නිවැරදිව දුර යන්න


@අසම්මත/17/03/20/@

2 comments:

  1. හරි පාර දැන දැනම
    වැරදි මග යන
    ප්‍රේමනීය හිතකින්
    ගුරුහරුකම් ඉල්ලන
    පෙම්වතෙක් තවත් !

    ReplyDelete
  2. සුප්පා
    ජය වේවා ..!!!

    ReplyDelete

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.