Monday, January 15, 2018

මම අසමි


ඔබ කතා කලා මට ඇසුනා

මම සවන් යොමා ඔහේ හිටියා

අකාරුණික ඇස් සහසක්

යොමා ඇතිමුත් රහසින්

දෙනුවන් කරන ඉගිබිගි කම්
 

රුවින් නොවිද හිත මන්මත්
 

පහන්වෙලා සැගව ගිය හැගුමන්
 

ආදරය පුරන ඔබ මට රහසින්
 

අසම්මතයේ එය බැදුමින්
 

පද පේලීයක ගී වුනා හෙමිහින්
 

ප්‍රේමය පිරී හදවත්
 

පෙරුම් පුරන්නේ එක්වීමක්
 

එය ජීවිතේ සදාතනික හමුවීමක්

@අසම්මත/17/01/15/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.