Friday, January 12, 2018

අම්මා


ඒ සුසුම් හඩ ඇහෙනවා අම්මේ

මලක් වී කරගැටත් පිපුනා අම්මේ

කදුළු හංගං සිනාසුන හැටි අම්මේ

තවම මතකයි නුඹ නැතත් ලග අම්මේ

ගුණ සුවද වී

ලේ කිරි කර දිදී

මග නොමග කියා දී

වැටුනොතින් නැගිටින හැටි

අයනු ආයනු ලෙස සැදී

අම්මා කී ඔවදන් මතකෙකී

ඈත ඇත මා දෙස බලා

වචන මදී කවියට නෙලා

බසත් හද මැද තලා

පෙරා ලියනෙමි මවක ගුණ ඔපයලා

@අසම්මත/17/01/10/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.