Monday, January 15, 2018

කවිසුසුම්


කවියක් නොවේ එය හිතට ගත්තට

දුකකුත් නොවේ එය ලියා දැම්මට.

මම නොවේ අදහස් හිත කෙනිත්තුවට

තිතකුත් නොවේ ඇරැඹුමද දෙහදක කතාවක

නුඹ මත් වුනේ ලියු පද මිහිරකට

ඇස පෙම් කලේ දැකි සිතුවමකට

හද ඉගිකලේ ප්‍රේමයපිරි කැදල්ලකට

අප වෙන් වුනේ අමිහිරි කවියකට

මතකය අමතකව උඩු හුලගේ ගියාවේ

ඉගිබිගි එපා අප ඉමු හුදකලාවේ

ශිතල ඇවිත් හිරිගඩු පිපි වෙලාවේ

තුන්හිත පවා මුව ගොළු වුනාවේ

සදකට ඇහක තරු නැති වුව බැබලෙන්ට

පිට මං ගියේ අදහස් මිය ගිය දිනෙක

හමුවීම වෙන්වීම කිම දුක හිත් ඉව්රකට

ප්‍රේමය මනරම්ය ඉතිහසයේ ලියැවෙන්ට

@අසම්මත/17/01/13/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.