Monday, January 22, 2018

සිමා මායිම් නැතී


මම තව ටිකක් කල් වෙලා ගන්වා

නුඹට අවැසි කවිය මම ලියනවා

උඩු සුළං එය අරන් යයි හැගෙනවා

පරිස්සම්කර එය ඔය නෙතට පුදනවා

අනන්තවු ආදරය එහි නොසෑහෙන්න තියෙනවා

නුඹට එය අනුරූප කර ගනී හිතෙනවා

නොදැමුනු නුඔගෙ සිත මම දන්වා

තනි අයිතියක් නුඹ හැමවෙලේ පතනවා

සිමා මායිම් නැතී ආදරය පිපෙනවා

පෙති හකුලන මලුත් එහි නොයෙක් සරනවා

ඒ බව දැන දැනම කවි පද ලියනවා

තමන්ගේ හදට ඒ උරාගත් බව කියනවා

කවියකට ඕන රසිකත්වය පුබුදන්න

මම ලියන්නේ නුඹ නැණ නුවන් සනසන්න

එය හරියට වීදැයි මා හද කොනහන්න

මේ කවි නුඹට ඕනම නම් අරගන්න...............

@අසම්මත/17/01/20/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.