Monday, January 22, 2018

ලැගුම් ගමි


විමතියක් වෙයි නුඹට හැමදින

ලියන හැම වදනක මගේ කවිකම

සදක් සේ නිසල එළිය දෙන

චණ්ඩ රස්මිය හිරු රැගෙන එන

පවන් රොද වී ගිම්හානයේ පොපියන
 

අමුතු කතාවක අරුත සෙනේබර
 

හදට ලංවෙන්න මට කිමද අවසර
 

ලැගුම් ගමි ඉවත නොලන ලෙස
 

ඔබගෙ හදවත මටම ඉඩ හැර
 

තවත් ඇයි පමා දෙන්න හරසර
 

මම ඔබෙයි ඔබ මගෙයි කියනු සදගිර......

@අසම්මත/17/01/22/@
6 C

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.