Friday, January 12, 2018

යම් දිනක


මවා ගතිමි සිතින්

එහි ඔබ නැත

කුමක් වීදැයි සිතමි

නෙකවර ලුහු බැදිමි

එනමුත් හෝඩුවාවකුදු නැත
 

වැරදිලා ඇත කොහේ හෝ
 

යම් දිනක හමුවනු ඇත
 

ඒ මම සොයන ඔබ ද....?
 

ඔබ සොයන මා ද?
 

ඉව්රු දෙකක දෙපස
 

අත වනයි ඔබද මම ද
 

අප හමුවන ගංතෙර
 

නිමාවනු ඇති ද නොදැනම
 

අප අපගෙම නොවී සදහටම..........?

@අසම්මත/17/01/12/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.