Saturday, May 5, 2018

ඈත හිරු බැස යන වෙලේ

මට ඉන්න දෙනවද නිදහසේ
මේ නවාතැන් පොළ මගේ
තොටුපලක් වුන හිත දිගේ
ඇදී එන්නෙම තනි කම හොදේ
ඈත හිරු බැස යන වෙලේ
හුදකලාවම කල් යල් බැලේ
කවි හිතක් උනුහුම් කලේ
අතීතය මතකෙට නතු කලේ
නැංගුරම් කොහිවද දිවි තලේ
සිතිවිලි ඇවිත් හද සක්මන් විලේ
නිහඩ හද පාරන වෙලේ
මේ කවිය නුඔටය පද වැල් කලේ
@අසම්මත/16/05/05/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.