Friday, May 4, 2018

සමනළිය

විසදිය නොහැකි පැනයක්ද
ඔබට මම තව
උපකල්පනය කල නොහැකි
හිතිවිල්ලක්ද හද මැද
නොකියාම නිහඩව ඉන්න
අනන්තවත් දේ සගවන්න
ඔබයි දන්නේ වෙන කව්ද
සිතුවමක් වී නොමැකෙන්න
මියෙනතෙක් හිත මත කිමිදෙන්න
අවසරයි සොදුරු සමනලීය
අහිංසක තටු නොරිදන්න
ඉගිලයන්න ඉඩ හරින්න
ආදරය සමනලුන්ට දෙන්න

@අසම්මත/17/05/04/@
6

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.