Saturday, December 16, 2017

සැකහැර


ඒ දෙතොල් මත

මේ දෙතොල් නොතැබුවත්

දැනෙන තැනක නුඹ මට ඉන්නවා

ඒ සිනාවෙන් මුලා නොවුනත්

නැගි සිනාහාවන් මා වෙනුවෙන් බව හැගෙනවා
 

දෙඇස් නොගැටී කතා නොකලත්
 

ඇස් වලින් දෙඩු දේ ඇදෙනවා
 

යන්න යන්නම් නොකියා ගිය මුත්
 

ඔය හදේ මම රැදෙනවා
 

අහම්බය හමුවක් වුනත්
 

ඉතිහාස කතාවක සලකුණක් එහි තියනවා
 

ඉතින් කවදා නැවත හමුවක් ලැබේදැයි
 

නුඹත් සිතන බවනම් මම දන්නවා

@අසම්මත/16/12/16/@
11 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.