Wednesday, December 20, 2017

අරුත


බොහෝ දේ සිතුවෙමි

බොහෝ දේ පැතුවෙමි

බොහෝ දේ දුටුවෙමි



බොහෝ දේ සෙව්වෙමි

අල්පයක් අත්හලෙමි
 

අල්පයක් වැළදගමි
 

නිතර සොයනා යමක් වෙයි
 

ඒ කුමක්දැයි නොම හැගෙයි
 

අර්ථය සොයා වෙහෙසෙමි
 

එහි ගැඹුර කිමිදෙමි
 

දැන් බොහෝ වෙහෙසකී
 

නුවණකට නොවැටහෙන එය කිමද
 

දුවන්නේ පිටුපසින් මිරිගුවක දැයි හැගෙයි........
 

ආත්මය අරුමයක් වෙන හැටි සිතමි
 

හෙටවත් දැනේවිද තේරුමක් දැනුමක්....
 

මේ ගමන් මග සළකුණක් කර....

@අසම්මත/16/12/20/@
9 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.