Tuesday, December 26, 2017

ලියූ වැකි අතර රැදි
කළු පාට තිත් වැඩී
ජීවිතයේ හරස් කඩක් ඉන් ඇස නගී
නුඹ කීවේ හිතලමද මම තාම සොයමී
කළු ලප නිසාමද පලා ගියේ සැගවී
වරක් දෙවරක් නොවේ ජීවිතය වැරදී
මහ උළුගෙදර හිටි මතක සිහිවී
අදුරු තැන් පහුරු ගාමී සිතක් ලතැවී
වරැදි නිවැරැදි කරනු හැම විටක සිතමී
හිත හිතා හැම වෙලේ පව් සමා කරමී
නුඹ දිනා ගනු වස් වෙහෙරකට වදිමී

@අසම්මත/17/12/26/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.