Monday, February 20, 2017

  

    **   දුරස්   **


රුවින් ඔබ ලග ඉමී

හදවතින් නොදැවටෙමී

ඔබ වෙනස් බව සිතී


දුරස්බව සිත ලග වෙලී

අප ඈතට ගිය හැටී

හිත් නොදන්නා බව හගී

හොර හොරෙන් පියමං වුනී

එක සිතක් දෙසිතක් විනී

නොතේරුම අවබෝධය දැනී

හිත් වහල් වී අකුලක වැටී

සරදමක් දැහනක වෙලී

අවමණක් හිත පතුලෙම ඉදී

යන්න යන්නෙමි දුරස් වී

සිතට නම් නෑ සැනසුම් පොදී

වහල් කම නුරා ගග ගිලී

ආත්මය බිද දී සුසුමට බිලී

@අසම්මත/17/02/20/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.