ඔබට බෑ ඈත් වන්න
ඔබට හැක ලංවන්න
ඒත් ඇයි රිදවන්න
මේ තරම් බැදුනේ අප
හදවතින් පෙර දාක
නොපැතුවත් හමුවීම
පතා ආ සසර මැද
ලියැවෙන්නැතී වෙන්වීම
දුරස් වුන හිත තාම
අවදියෙන් නුඹ ගාව
ආදරය ලං කෙරුව
අප අපේ නොව තවම
පැතුවත් හිතින් නිබද
එකට එක පැතුමක ඉන්න
දුරෂ් වීමම නිබද
රහක් මයි සබද
අපට ඔීනෑ විටෙක
එක් වෙලා වෙන් වෙමු නේද
සබදතාවක රහත් කෙටි කලක් නොවෙද
දොඩමළු පෙම් කතා
දිනක අන්ධ වී ගොළු වෙයිද
චමත්කරයත් ප්‍රේමයක එයමමයි නේද...?
@අසම්මත/17/02/08/@
ජයවේවා....දිගටම ලියන්න.
ReplyDeleteපෝස්ට් එකට හෙඩිමක්/ටයිටල් එකක් දාන්න උත්සාහ කරන්න. එතකොට සින්ඩිකේටර්ස්වල බ්ලොග් එකේ නම වගේම පෝස්ට් එකේ ටයිටල් එකත් පේනවා.
ඔවදන් අගයමි නිති අඩු පාඩු කියමින් මා සමග ඉන්න
Deleteඔබ බ්ලොග්ස් ලියනවා වගේම, අනිත් බ්ලොග්ස් තුලත් අදහස් පලකරන්න. එය කවියෙන් හෝ අනිත් ඕනම මොඩ්ල් එකකින් කරන්න පුලුවන්. සංවාදගත වෙන්න බලන්න. මම නම් වයසක මොඩ්ල් එකක්. හැකි වෙලාවක කියවන්න. සුමිත්ට ඒ තුල යමක් පෙනේවී. ඒ ජීවිතය පිලිබඳව...
Delete