Tuesday, August 7, 2018

පියවුන නෙත් මත
කවි සහසක් ඇත
සදසාවිය නුඔ
සද මත පැන යන
හිස තුල මල් පිපි
කවට කමට නැති
කෙළිලොල් මුව රැදි
සියුමැලි දෙතොලැති
මන යුරු පෙම් කවි
මුමුනණ හසරැළි
අවිහිංසක කම පිරි
නුඔ නම් අගනකි
සුරලොව සිට වැඩි
මරගන රුව ඇති
යනයන මග නිති
@අසම්මත/16/08/07/@
10
ගී නොකියම උඩ පනිමු
කට වැරදී නොනැසි ඉමු
වතුර හිදෙන හැටි දුටුවෙමු
ඉවතක යන අයුරු සොයමු
කොකෙක් ඇවිත් බස් කියාවි
මොකද වෙන්න ඕන අසාවි
ඉඡ්ඡාවෙන් අප පෙලාවී
බොරු බහකට මුල පුරාවී
එක එකා ගෙන යමි කියාවී
සොබන වදනක නොම ගිලී
අහස අමතමු වැසි රිසී
දියකඩිත්තක ඉන්නද බැරි
අප ගැනත් හිතපන් දිය පිරි
@අසම්මත/16/08/07/@
26
මට හිතුනා
කාන්තාරය මැද
සිටුවන්න ගහක්
මල් පිපෙන ලස්සන
දිය කදුරු වගුරන
ඔබ
නොහිතන වෙලාවක
ඇත්තටම
පැලවෙලා සරුවෙන----------------------------!
@අසම්මත/16/08/07/@
12 Comm
මිනිසුන්ගෙ නෙත් අතර
නිරුවතින් සරනවට
නුඔ
ගියත් කාසියකට මැදිව
මට
පමණක්ම
අයිති නුඔ සිරුර
රහසින් මං දකින
අහිමවන හැම රෑක
අයිතිය කොදුරන
කිමද ? අකමැත්ත
@අසම්මත/16/08/07/@
මිනිසුන්ගෙ නෙත් අතර
නිරුවතින් සරනවට
නුඔ
ගියත් කාසියකට මැදිව
මට
පමණක්ම
අයිති නුඔ සිරුර
රහසින් මං දකින
අහිමවන හැම රෑක
අයිතිය කොදුරන
කිමද ? අකමැත්ත
@අසම්මත/16/08/07/@
5 Co
ඌණනය
කල හැකිද
නුඔ මරාදමන
මහද උපදින
අපමණ සිතිවිලි කන්ද
කිසිත්
නොසිදු වූ
@අසම්මත/16/08/07/@
6 Comme
මා ජීවයෙන් ගෙන
හද මැදට
යදම් දැම්මා
කවි හිතට
තරුණ ජවයක බහට
අවනත නොවී කොහොම
මම විදිමි
ඒ පහස
දෙනවනම් නිබද
කෘරිරූ කර්කශ රිදුමැ
මැද
ආදරය පිළිකුලට හැර
පිළිවදන තුරුළු කර
@අසම්මත/16/08/07/@
4 Comme

මිටියකින් තඩි බබා

යකුලකින් ඇණ ඇණ

මම

විචාරණ නුඔ

ඇයි නොමඅහුලන්නේ
 

මා පිටකරන මගේ සුසුම් කැට
 

දෝතකට ගෙන
 

හොදින් බැලුනොත් ඇහැට
 

එහි ඉන්නවා මම
 

මිණිකැටයක් විලස
 

හැමවෙලේ නුඔ පතන
 

රිදුම් දෙනු කුමට
 

එහි පැලුම් ගොඩක් ඇත
 

මැණිකක අගය හැම විට
 

මිලක්ම,ද ?

@අසම්මත/16/08/07/@
15 C

සටන් කරලා සෙව්වෙම

වදන් ටිකක් ස්ථාවර

ලියන්න සියුම් තැනකට

එක්කාසු කල අකුරක්

හුදකලා කල හද
 

ඇවිල නටාවිද නුඔ
 

පියාපත් සොයා ගෙන
 

සිත් පිරිමැද ලියන
 

වචන දමනය නොකල
 

රැඩිකල් සෞන්දර්ය අතර
 

හුස්මක් කටක් නැතිවම
 

ඉගිල යමි ලැගුම් හොය හොය
 

පියාපත දිග හැර
 

නිදහසක් පියාඔා යන්නට
 

සොයන මුත් හිත තදකර
 

අත්තටු කුමට මට
 

ඉගිල යනු බැරි කොට
 

@අසම්මත/16/08/07/@
1
ආශයි කිමිදෙන්න
අඩි පාරවල් නැති
රළ රැළි අතර
සැමරුම් නැති
පිය සටහන් තබා.........
@අසම්මත/17/08/07/@

Sunday, August 5, 2018


ඇයයි මමයි

මමයි නුඔයි

ඔයයි මමයි

අඩු වැඩිය ලං වෙලා

හුගක් දුර ඈතක ගියා
 

තුරුළු වෙලා
 

ඈත් වෙලා
 

ඒ රස වින්දා
 

ඒ දුක වින්දා
 

මම දන්නා
 

නුඔ දන්නා
 

ඇය දිනුවා ඇය යන්න ගියා
 

අපි දෙන්නා
 

ඒ ගැන හිතලා
 

සතුටු වුනා දුක ගැන හිතුවා
 

ඔයයි මමයි
 

මමයි ඔයයි
 

අප අපි ගැන දෙඩුවා
 

මොනවද දැනිලා
 

මම ඒ ගැන ලීවා
 

පටලැලිල ලීවා
 

නොහිතම ලීවා--------------------------!
 

@අසම්මත/16/08/05/@
17 Com

ඇහි පියන් යට

නුඔ රැදෙන කල

මනස් ගගුලේ

ගලන දිය රළ

ඇසක් තුරුලේ
 

පෙම් කෙළිනවද
 

මටත් නොදැනේ
 

මා හොයන සද
 

නුඔද ලදුනේ
 

ඒ කොමළ ළද
 

දැනී දැනෙනා
 

මේ සුවද මැද
 

මටත් නොදැනිම
 

හදට වැදුනෙද
 

මලක් සුපිපී
 

හමන මුව රද
 

ඇහිපියන් යට
 

රහසේ වැසුනිද?----------------
 

@අසම්මත/16/08/05/@
6 Comm

ඇය සොරකම් කර ගතිමි

ඇයට නොදැනෙන්න

ම සිත පමණක්

දැන ගතිමි ඇය

උඩ යට හිත යන
 

ස්ත්‍රියක ඔහේ පාවෙන
 

සැලෙන දේ දැක
 

ඉබේ ඇස් යන
 

කළු සුදු චරිතෙක
 

කළු ඉවත හල
 

ඔළුවෙන් හිටගෙන
 

නෙත් මානණ ළද
 

දන රින කොතනද
 

ඇය එකතුවන තැන
 

පත්තිනි යන එන
 

පෙර මග හිදි කත
 

@අසම්මත/16/08/0/5/@
14 Co

අපට හිමි තැන කොතැනද

පිය ගැට්ට පාමුල පමණද

හව්හරණක් නොතිබුණත් අපමණ

සොහොයුරු සෙනෙහස කිරිවැද

පැහෙන විට තුරුලට ලැම
 

මල්ලී මට මගේ හද මැද
 

උඔට මට හිමිතැන කොතැනද
 

අව්ළුවා ගොඩක් දුක් ගින්දර
 

දැවෙන මා හිත අද්දර
 

ඉදින් මල්ලියේ නැගිටපන් ඉදුවර
 

අදක් නැතිමුත් හෙටක් ඇතිකොට
 

පීඩනය පුපුරාද ගිනි පුපුරට
 

ඇවිල යාවිය මහා උඩ මැදුරට
 

පහල ඉමු එතෙක් අපි පියගැට
 

අදුරු මැද නැති පායන ඉරකට
 

කුමට අඩා වැඩක් නොම කදුළට
 

හසුව සුසුම් නගන රැළි අහුරට
 

දවා හළුවනු අසමානතා වැට
 

එක මග පැමිණ එක කුසකට
 

අතාරිනු බැරි නුඔ සමාන මැණිකට
 

කියමු එළිය දෙන අළුත් ඉරකට
 

මවන්න සුන්දර ලොවක් උඔට මට

@අසම්මත/16/08/05/@
25 Commen