Saturday, January 27, 2018

අකුරු මත සිතුවමක්


මේ පොළොව මත

තබා යන්නට යමක් වේ නම්

ඒ ඔබට ලියන මේ වදන් පමණී

එය ඔබට රුසි නොවේ නම්

පිලිකෙව් කොට අවමනින් ඉවතලනු ප්‍රියය...
 

අකුරු මත සිතුවමක් වන්නේ
 

හදවතක උපදින උනුසුම්ම සිතිවිලි
 

එය පාට ගන්වන්න දන්නේ නම්
 

වෙන කව්රුවත් නොව
 

අදහසක තතු හොදින් දන්නා
 

ඔබමැ හැර වෙන කව්රුද.........?


@අසම්මත/17/01/27/@

Monday, January 22, 2018

සිමා මායිම් නැතී


මම තව ටිකක් කල් වෙලා ගන්වා

නුඹට අවැසි කවිය මම ලියනවා

උඩු සුළං එය අරන් යයි හැගෙනවා

පරිස්සම්කර එය ඔය නෙතට පුදනවා

අනන්තවු ආදරය එහි නොසෑහෙන්න තියෙනවා

නුඹට එය අනුරූප කර ගනී හිතෙනවා

නොදැමුනු නුඔගෙ සිත මම දන්වා

තනි අයිතියක් නුඹ හැමවෙලේ පතනවා

සිමා මායිම් නැතී ආදරය පිපෙනවා

පෙති හකුලන මලුත් එහි නොයෙක් සරනවා

ඒ බව දැන දැනම කවි පද ලියනවා

තමන්ගේ හදට ඒ උරාගත් බව කියනවා

කවියකට ඕන රසිකත්වය පුබුදන්න

මම ලියන්නේ නුඹ නැණ නුවන් සනසන්න

එය හරියට වීදැයි මා හද කොනහන්න

මේ කවි නුඹට ඕනම නම් අරගන්න...............

@අසම්මත/17/01/20/@

මට හිනැහෙමි


මට

මා

මම වෙමි

මම

මට හිනැහෙමි
 

හෙට ගැන නොදනිමි
 

අද දින පවතිමි......

යායුතු මග ගමි

ඒ මග සොයනෙමි......

අතර මගක නොරැදෙමි

කෙලවර දැක ගමි

සියල්ල ඉවතක ලමි

සුසුමක රදවමි

සුලගට දන් දෙමි

@අසම්මත/17/01/21/@
3 Comm
3 Co
අප ආගිය මග ගැන
කුමට බලනවද
නැවත හැරීමක් හිතක නැතිව තව.....

ලැගුම් ගමි


විමතියක් වෙයි නුඹට හැමදින

ලියන හැම වදනක මගේ කවිකම

සදක් සේ නිසල එළිය දෙන

චණ්ඩ රස්මිය හිරු රැගෙන එන

පවන් රොද වී ගිම්හානයේ පොපියන
 

අමුතු කතාවක අරුත සෙනේබර
 

හදට ලංවෙන්න මට කිමද අවසර
 

ලැගුම් ගමි ඉවත නොලන ලෙස
 

ඔබගෙ හදවත මටම ඉඩ හැර
 

තවත් ඇයි පමා දෙන්න හරසර
 

මම ඔබෙයි ඔබ මගෙයි කියනු සදගිර......

@අසම්මත/17/01/22/@
6 C

Friday, January 19, 2018

අතට දුන් මල පිපේවී


බොහෝ අරුත් ඔබ සිතාවී

සුවදටත් කවි උනාවී

රසය හැම විට පතාවී

අතට දුන් මල පිපේවී

ඇසට ප්‍රිය නම් තියේවී
 

මිහිර කෙටි වග කියාවී
 

දිනෙක පෙති හැකිල යාවී
 

අනියතයි සැම කියාවී

@අසම්මත/17/01/19/@
Comments
Rohana Perera
Rohana Perera jewethan aneyathan rasanam nomeyathan meyath sowada rada apasamaga
Manage
· Reply · 1y
Navodini Rasika Liyanage
Navodini Rasika Liyanage මල දිනෙක මිලින වේවී......සොභාදම් සම්මතය එය නමුදු....මලෙහි මෙලෙක සහ සුවද , විදි පහස දැනෙවී ඔබට ....පපුතුරෙහි හද ගැහෙන තුරා....නෙතු පියන් පියවෙන තුරා.....
Manage
· Reply · 1y
Sunil Pathirage Kariyawasam
Sunil Pathirage Kariyawasam Agei.
Manage
· 1y
Sajeewi Niroshani
Sajeewi Niroshani Dinaka peti hakeeli giyayh....Malay suwda hamadaa mathakey radaywi....
Manage
· Reply · 1y
Rushewi Sherom
Rushewi Sherom නියත කිසිත් නැති වුව මේ ලෙව් තලයේ..
ඉපිද මියෙන දස දහසක් කවි අතරේ..
නොපිපි කුසුම් සුවහස් සුපිපෙයි සසරේ..
...See more
Manage
· Reply · 51w
Nimsara Perera
Nimsara Perera බොහෝ අරුත් ඔබ සිතාවි

සමුගන්න මට ඉඩ නොදෙයි


ඒ කදුළ හරි බරයි

ඔබට නොදැනෙන එක දුකයි

ඒත් එය හරි රහයි

කදුළ දුන්නේ සෙනේහයයි

මේ ඔක්කොටම මුල මේ කවි තමයි
 

නොලිය ඉන්නත් හිත කියයි
 

ඒත් ඒකට දුකයි
 

ඔබ මාත් හමුවුනේ කවියෙන් නිසයි
 


 

ඉවස ඉන්නෙම කවියක් කී රහසක් සැබැයි
 

අරුණැල්ල හිරු සේ සහතිකයි
 

අප එක්වෙවී වෙන් වෙන එක කවියක්මැමයි

@අසම්මත/17/01/16/@
9 Comm

කවි පොත වසමි


මේ කෙටි රැයට

කුමට ද පහන් එළී

නෙතු වසා ගමි

සැගවෙන්නට ඔබට රිදී

හිත අගුළුලමි නොපැමිනෙන්නට
 

කිසි දිනක යලී
 

කවි පොත වසමි
 

නොගයන්න සුසුමක වෙලුන විරහ කවී

@අසම්මත/17/01/18/@
Comments
Navodini Rasika Liyanage
Navodini Rasika Liyanage පහන් එලි නොපතන් .....
මේ රැය පුරා... මා නෙත් පහන්...
නුඹටම පමනි...... අගුලු නොදමන් ඔය සුන්දර කවි සිතට....මා සිත පාලු වේවි.... පපුතුරෙහි සැගවි... සැගවි....

ඉඩදෙනු මැනවි ගයන්න.... තාමත් නොගැයු වසත් ගීතය....
Manage
· Reply · 1y
ජය සිංහ
ජය සිංහ සිටිනම් මා, ඇස්පියන්
යට ඔබේ
කෙසේ වසන්නේද ඔබ,

කවිපොත, විරහවේ!
Manage
· Reply · 1y
Rushewi Sherom
Rushewi Sherom නුඹට බැහැ වසන්නට කවි පොත..
මසිත සිර කළ එතුළ..
නුඹේ කවි සිත පතුළ...

බලනු මැන මා හිඳින...
Manage
· Reply · 1y
Nimsara Perera
Nimsara Perera සිත අගුළුලමි
ඔබව නොපෙනෙන්නට
Manage
· Reply · 51w

Monday, January 15, 2018

මම අසමි


ඔබ කතා කලා මට ඇසුනා

මම සවන් යොමා ඔහේ හිටියා

අකාරුණික ඇස් සහසක්

යොමා ඇතිමුත් රහසින්

දෙනුවන් කරන ඉගිබිගි කම්
 

රුවින් නොවිද හිත මන්මත්
 

පහන්වෙලා සැගව ගිය හැගුමන්
 

ආදරය පුරන ඔබ මට රහසින්
 

අසම්මතයේ එය බැදුමින්
 

පද පේලීයක ගී වුනා හෙමිහින්
 

ප්‍රේමය පිරී හදවත්
 

පෙරුම් පුරන්නේ එක්වීමක්
 

එය ජීවිතේ සදාතනික හමුවීමක්

@අසම්මත/17/01/15/@

කවිසුසුම්


කවියක් නොවේ එය හිතට ගත්තට

දුකකුත් නොවේ එය ලියා දැම්මට.

මම නොවේ අදහස් හිත කෙනිත්තුවට

තිතකුත් නොවේ ඇරැඹුමද දෙහදක කතාවක

නුඹ මත් වුනේ ලියු පද මිහිරකට

ඇස පෙම් කලේ දැකි සිතුවමකට

හද ඉගිකලේ ප්‍රේමයපිරි කැදල්ලකට

අප වෙන් වුනේ අමිහිරි කවියකට

මතකය අමතකව උඩු හුලගේ ගියාවේ

ඉගිබිගි එපා අප ඉමු හුදකලාවේ

ශිතල ඇවිත් හිරිගඩු පිපි වෙලාවේ

තුන්හිත පවා මුව ගොළු වුනාවේ

සදකට ඇහක තරු නැති වුව බැබලෙන්ට

පිට මං ගියේ අදහස් මිය ගිය දිනෙක

හමුවීම වෙන්වීම කිම දුක හිත් ඉව්රකට

ප්‍රේමය මනරම්ය ඉතිහසයේ ලියැවෙන්ට

@අසම්මත/17/01/13/@

Friday, January 12, 2018

කළුනික

5 Comm

දිනගැනීම


ඔබ සොය සොයා ලතැවෙමී

ඔබ කොහෙ කියා නොදනිමී

බලාපොරොත්තුව හද රුවා ගමී

එනතුරා මග බලා ඉමී

සිත සිතා කල් ගමී

@අසම්මත/17/01/07/@
14 Comme

සිහිනයක මතකයක්


අයදිමි

හිතන්න

මිරිගුවක් ද......?

එය

හැදින ගන්න
 

මායාවක් ද....?
 

ලැබුන දෙය මිහිරියි ද .....?
 

අතහැරීම නොහැකී ද....
 

දුක.......
 

වේදනාව
 

ලැබුන දේ මහ හුගක්
 

සාගරය මෙන් ගැඹුරක්
 

අහස සේ වියනක්
 

හිමාලය සේ මෙරක්
 

පිහාටුව සේ සිනිදුවක්
 

හදවතක ගැහෙන රිද්මයක්
 

උණුසුම්ම සෙනෙහසක්.............
 

හැරදමා ගිය මතකයක්
 

පාරවන හිත හැම විටක්
 

ඇත්තමයි නුඹ මතකයක සිහිනයක්...........
 

තවම වද දෙන
 

හදවත පිරිමදින
 

වේදනා සතුට දෙන
 

කදුළකට අත වනන..................
 

නුඹ මතකයක සිහිනයක්............................

@අසම්මත/17/01/08/@

ගැඹුර


ඒ ගග ගැඹුරුයි....කියා

කිමිදෙන්න පිහිනන්න

කියා දුන්නෙත්

නුඹමැයි

@අසම්මත/17/01/09/@

අම්මා


ඒ සුසුම් හඩ ඇහෙනවා අම්මේ

මලක් වී කරගැටත් පිපුනා අම්මේ

කදුළු හංගං සිනාසුන හැටි අම්මේ

තවම මතකයි නුඹ නැතත් ලග අම්මේ

ගුණ සුවද වී

ලේ කිරි කර දිදී

මග නොමග කියා දී

වැටුනොතින් නැගිටින හැටි

අයනු ආයනු ලෙස සැදී

අම්මා කී ඔවදන් මතකෙකී

ඈත ඇත මා දෙස බලා

වචන මදී කවියට නෙලා

බසත් හද මැද තලා

පෙරා ලියනෙමි මවක ගුණ ඔපයලා

@අසම්මත/17/01/10/@

රුවැත්තිය


රුවැත්තිය ඔබ යන්න

එපා ඔය ඇස් මට දෙන්න

මතකේ පමණක් ඉන්න

ඕන නම් මේ කවිය අරගන්න......


@අසම්මත/17/01/11/@රු

බලාහිදිමි


දන්නවද..

මටත් කදුළු තිබුන වග

අද අළුත් පිටුවක්

ඒ කදුළුවලට තිත තියන

අළුත් ගමනක්
 

මට සුබ පැතුමක් වෙනවද...?
 

වෙන කව්රුවත් නොවේ
 

ඒ ඔබ.........
 

ආදරය ගලන තැනකින්
 

මම බලා හිදිමි
 

දෝතට එය ගන්න.........

@අසම්මත/17/01/12/@

අන්සතුවීම


මග හැරුන තැන සොයමි

හුදකලාව සිත පීරමි

එනමුදු අමතකව ගොසිනි

ඔබ කොතැක හෝ සරති
 

යටි හිත මට කියති
 

හමුවන බව මිරිගුවකී
 

එය දැකි සිහිනයකී
 

මෙය දකිනට ලියමි
 

නුඹ අන්සතු හදකි
 

ප්‍රේමය සුවද දිදී
 

මගේ හද ඉව්ර සිඹී..........

@අසම්මත/17/01/12/@

යම් දිනක


මවා ගතිමි සිතින්

එහි ඔබ නැත

කුමක් වීදැයි සිතමි

නෙකවර ලුහු බැදිමි

එනමුත් හෝඩුවාවකුදු නැත
 

වැරදිලා ඇත කොහේ හෝ
 

යම් දිනක හමුවනු ඇත
 

ඒ මම සොයන ඔබ ද....?
 

ඔබ සොයන මා ද?
 

ඉව්රු දෙකක දෙපස
 

අත වනයි ඔබද මම ද
 

අප හමුවන ගංතෙර
 

නිමාවනු ඇති ද නොදැනම
 

අප අපගෙම නොවී සදහටම..........?

@අසම්මත/17/01/12/@