Tuesday, November 14, 2017

පන්හිද ලියයි


පුංචි ඇස මා හැදිනි

නිසල කල මා සිතිනි

පොත් කන්ද මම දුටිමි

මියන මතකය අවදිකර

ගනින් දැන් නුඹ අතට

දැනුම දී සිරසකට

ආදරය කියපන් හැගුමකට

මට මම ම මා සොයන

හමුවීද නුඹට ඒ සිහින

පටු නොවී නම් කිසිදිනක

හිතින් ඉන්නම් ඒ පොත් අතර

@අසම්මත/16/11/13/@
5 Comm

අසම්මත ඇස


අසම්මත ඇස් මත

නලියන රුවක් ඇත

ඒ නුඔ ම දැයි මට

අපහැදිලි සිතුවමක් විය

පපුව මගෙ හරි මැද
 

කෙටි කෙටි හඩන්නේ උඹම මද...............

@අසම්මත/16/11/14/@
9 Com

නරුම කවි


නුඹ කොහොම ලියනවද

නොදැනෙන්න හදවතට කවි

නරුමයෙකුටත් එනවද

අහම්බෙන්වත් හිතට කවි

ලියන්නට පුළුවනිද මොහොතකට හරි
 

හදවතකට වදින කවි
 

හිතලුවක් ඔබ්ලා රසට
 

අමුනගෙන කෙලෙස හරි
 

මා රවටන්නෙපා ලියාගෙන
 

මුසාවෙන් පිරි නුඹගෙ කවි
 

පිලිගන්නේ කොහොමදැයි
 

මගේ හිතේ ප්‍රේමයක් නුඹට නැති

@අසම්මත/16/11/14/@
3 Co

දිනක සමුගැන්ම


ඉතින් හෙට ඉදන්

නොඑන්නම් ටික කලක්

හැකි වුනොත් ඇබින්දක්

එබෙන්නම් රෑ ඇවිත්

මැලවුනත් මූණ නම්
 

කරන්නම වෙනවා සත්තකින්
 

ලියන්නත් වෙලාවක් නැතිම වෙයි
 

ටික දොහක්..........................
 

මතකයක් පොදිබැදන්
 

ඉතින් යන්නම් දුකින්.................
 

ජීවිතය හැමදාම
 

ලගින්නම් හිත් මැදින්
 

මම හැමදාම ඔබ අසලමයි සිතන්නම්

@අසම්මත/16/11/14/@
17 Comme

Sunday, November 12, 2017

පිරිමැදීම

Asammatha Asmmatha updated his cover photo.
6 Commen

සයුරක ගිලීම


නොහැකි වුව

ඉගිල යමි

දුකක් නොදැනෙනු

පිනිස

කාටවත් කියා
 

පලනොමැති..............
 

යාමයයි සුදුසු
 

සදද අඩ අදුරක
 

එබුනු
 

දුකද
 

සයුරක ගිලුනු...........
 

හිතද තනියම
 

හඩපු................

@අසම්මත/16/11/12/@
6 Comm

හිරුමල


ඇස

නොදැක

පිපෙන

වග

හිරුට
 

පමණකිය
 

පින....................
@අසම්මත/16/10/12/@
6 Commen

මල ඉගි


නෙත්වලට

ඉගිකර

මියයාවී

පිපි කල

සුවද
 

පමණක් තියා
 

ඔබ ලග
 

මතකයක් තිබෙන තුරු
 

හිත මත.......................
 

නොගෙන තුරුලට
 

අතාරිනු කිම
 

පෙති පරනොවන්නට
 

පෙර
 

සැලී සැලී
 

සුළග කියනා
 

රහස
 

මල ද නොදැනම..............

@අසම්මත/16/11/12/@
6 Comme

වහල්වීම

හිත කොහෙද

මග හැරුනෙ

ගිය පසුය

මට දැනුනේ

ඇතුන් ටත්
 

නොහැකි වග
 

අමිල වු
 

ගිය නුවණ
 

යලි ගැනුම
 

පතුල නැති
 

අගාධයක ගැඹුර
 

වහල්වී වැටුණ

@අසම්මත/16/11/12/@
2 Comm

හ්ම්


ස්ත්‍රී

කෙටි

කවී

හ්ම්

ලස්සනයි

එපමණයි

@අසම්මත/16/11/12/@
9 Com

රැය මිමිණීම


ඇයදීමක්ය

සිහිනිවට ඇසුනු

ඔබ

ඉන්න

මගේ ඇස් දෙකේ
 

විතරක්ම....................
 

පෙර දිනයක
 

සද අඩක්
 

බැස ගිය......................
 

නිසල රැය
 

මිමිණී........................

@අසම්මත/16/11/12/@
2 Com

ඉල් මහ



අහිමි වීමක්
මහා බරැති
හිස මත
නමුත් නැත
කදුළක්
හඩන්නට.............
ශක්තියක් වෙති
කුඩා
හිතක් යට
පෙර මගක්
ඇති
ඇස් වසාලන
ඉල් මහත්
ශිතලට ගල් වුන
අත වනමු අපි
එකට හිනෙහැන
අළුත් නිම්මනය
ගලන ගගකට
සරු ඉමක්
රතු මලක් පිපිදෙන

@අසම්මත/16/11/12/@
5 C

Wednesday, November 8, 2017

ඔබ
කීවේ නෑ
යන්නම් කීයා......................................
මල හිරු බසිනා සැන්දෑ යාමේ
අදුරට ඉඩ දී.............................
ඔබ ගෙන් වෙන් වී
මම......................................

@අසම්මත/16/11/05/@

කුළුදුල්ම කවිය

කුළුදුල්ම කවිය
විහග ක
අරන් ගිය වග
සංදේශයක් නොකර ම.............

@අසම්මත/16/11/06/@
10 C

විරහ කව

ආදරය මිරිගුවකි හිත හඹා එන
ඇවිත් රහසින් සොරාගෙන ඇස
සිතුම් පුරවයි නුරා පැන් ඉස
දවයි හදවත් විරහ පෙම ලග...







..ඉවතලමි මතකයන් සියල්ලම
අතීතය පමණක් තියාගෙන
ඉඩ හරිමි කදුළක් ගලායන
කැලැල් කුමටද සළකුණු තබායන

කවියක් හිනාවන


ඇසිලක් අැතිය

කවියක් උපදින්න

සියවසක් මදිය

කවියක් පනගන්න

තෙත ඇසක් ඕන
 

කවියකට හිනැහෙන්න

@අසම්මත/16/11/08/@
14 Commen

පපුවට පන


සැනසිලි නිති නැති

හිතකට පෙම දිදි

ඇසිපිය යට ඇති

විමසිලි නැති කවි

පපුවට පන දෙති

@අසම්මත/16/11/08/@
3 C

Saturday, November 4, 2017

අමර මතක

මා ජීවිතයේ අමතකම නොවන මතකයන් අතර
එක රැයක් ඇත
ඒ මතකය ජීවිතයේ සොදුරුම දිනයක් ය
ඒ කලා පව්ලම එක්ක
බත් කටක් එකට කාපු...................
එක මේසයක හිද............
විමලා. ප්‍රියංවදා. සුභාශීණී. (රන්ජන් පැමිණ නොසිටිහ) අමරදේවයන් එකිනෙකා හිනැහුනා අපි එකට
ආ මේ සම්බෝල ටිකකුත් කන්න..... ආදරණීයව හැන්දකින් බෙදුව ප්‍රියංවදා
රෑ 10 ට පමණ අපි යන්න දැන් වෙලාවයි නුවර ඩෙල්මා මව්න්ට් විව් හෝටලයේ සිට අනුරාධපුර අප නිවහන් කරා දුකක් ඒ සමුගැන්ම...........අපියන්නම් සර්......
දුර ඈත යන්න තියනවා.......අපි වෙන්වුනේ මතක ගොඩක් එක්ක.....
ජීවිතයේ ලැබිය නොහැකි මතක ගොඩක් එක්ක
සදා නොමියෙන..........

ඒ මගේ මතකයේ හැටියට 2009/12/03/දාකය නුවර වැරල්ලගම ඩෙල්මා මවුන්ට් විව් හෝටලයේ දේශමාන්‍ය ලේල්වල පියනන්ද ශූරීන්ගේ ගීසරණිය එලිදැක්වීමේ
උත්සවයට සහභාගීවෙමින් අප පෙර දිනක සිට සුබ පැතූවෙමු සුබ උපන් දිනක් ඔබට.............. මට මතක අදවගේම..........
දහසක් දේ ඇත ඒ ගැන කියන්නට..................
ඉතින් අප සමුගනීමු
ඒ රෑයක මතක වලට ඉඩ දී...............................
හදවත පීපිරීණ ඒ සෙනෙහසකට
කදුළ කියනු මැන ඒ කථා අමරදේව පවුලටම
ඔබට සුබ රැයක් නින්නාද කල ඔබ හඩම..........
නිහඩ වම වැළද කියමු සුබ රැයක් ඔබට...........
@අසම්මත/16/11/02/@
11 Comme

ද්විත්ව


ඇවිත් නෑවිත්

නෑවීත් ඇවිත්

හිරුත් අදුරත්

අදුරත් හිරුත්

අරන් යන්නෙම
 

අපි විදින දෙයනම්
 

අහිමි වන දේ ගැනත් සිතමින්
 

දුකක් ඇයි දිවියකට දෙවමින්
 

ජීවිතය පසුපසම එන්නේ
 

සොබා දහමද ලෝක නියමයදැයි නොතේරේ
 

ඇකමැත්ත කැමත්තකට හරවා
 

හිතට කියාදීම ම උරුමයක් වේ ජීවිතේ..........

@අසම්මත/16/11/04/@
5 Co

අමර හරසර


අමර හර සර

හිරු නුඹ ඇවිත් අපිටත් හොරෙන්

සද නුඹ ඇවිත් කාටත් හොරෙන්

අරන් ගිය දේ මහ මෙරක්
 


ඒ වගේ ඇවිදින් හොරෙන්
 

අරන් යනවද වැටෙන කදුළුත් ගගකට වැරෙන්

@අසම්මත/16/11/04/@
4 Com

මවක්


ඇය

මවක්

මට

මතකයක්

මතක් කර දුන්
 

අාදරය
 

දෝරේ ගලන
 

මගෙ අම්මා වගේම
 

අද නැතත්
 

මා ලග.....................
 

වැටෙනකොට ඔසවපු
 

පෙර දිනක
 

විදපු..................
 

සෙනෙහස
 

මරු අතුරුදහන් කරපු
 

සද තරු දිලෙනවද
 

කළුවර රෑ බලපු...........
 

ඇස් වලින්
 

අනාගතය ලියපු..............

@අසම්මත/16/11/04/@

12 Commen

Thursday, November 2, 2017

කුණු


කුණු ඇබින්දකට කරන තරවටු

කුණු ඇබින්දට කරන අවමන්

පලක් නැතිනම්

අතු ගා දමා

නිදහසක් ගනුමැන
 

නිවහල්ය නිදහස්ය
 

කුණු බිදක්
 

හිත බිදක්
 

අපිරිසිදු කල තැන...........

@අසම්මත/16/11/02/@
3 Comment

හදබර


ඔබට කල හැකිය එය

පලා විවර කර බලා

කියනවද ආදරය කෙතරම් බරද

මගෙ හදවත තුල තිබෙන........

හරියටම ගනනය කර
 

බෙදා දීමට ඇති බැවින් සම සමව
 

ෂයිලොක්ට නොදී කිරා මැනීමට......

@අසම්මත/16/11/02/@

නිගරුව


ඔබට කල හැකිය නිගාවක් නිගරුවක්

කිසිත් නැති හිස් මිනිසකුට........

අපමණට අසා ඇති කන්වලට

කදුළකුත් නොදකිනා ඇස් වලට

කදෝකිමියකු එළි නැති අදුරකට
 

එකත්පස්ව හිද අසා ඉමි නුඹ ලගම
 

ද්‍රෝහීයකුට වෙන කුමන සතුටක්ද.....?
 

හෘදයත් කිණිස්සක් වී අනිණ කොට
 

පලා නොයාම ඉවසගමි ඒ රිදුම.....

@අසම්මත/16/11/02/@
3 Comme