Sunday, August 5, 2018


අපට හිමි තැන කොතැනද

පිය ගැට්ට පාමුල පමණද

හව්හරණක් නොතිබුණත් අපමණ

සොහොයුරු සෙනෙහස කිරිවැද

පැහෙන විට තුරුලට ලැම
 

මල්ලී මට මගේ හද මැද
 

උඔට මට හිමිතැන කොතැනද
 

අව්ළුවා ගොඩක් දුක් ගින්දර
 

දැවෙන මා හිත අද්දර
 

ඉදින් මල්ලියේ නැගිටපන් ඉදුවර
 

අදක් නැතිමුත් හෙටක් ඇතිකොට
 

පීඩනය පුපුරාද ගිනි පුපුරට
 

ඇවිල යාවිය මහා උඩ මැදුරට
 

පහල ඉමු එතෙක් අපි පියගැට
 

අදුරු මැද නැති පායන ඉරකට
 

කුමට අඩා වැඩක් නොම කදුළට
 

හසුව සුසුම් නගන රැළි අහුරට
 

දවා හළුවනු අසමානතා වැට
 

එක මග පැමිණ එක කුසකට
 

අතාරිනු බැරි නුඔ සමාන මැණිකට
 

කියමු එළිය දෙන අළුත් ඉරකට
 

මවන්න සුන්දර ලොවක් උඔට මට

@අසම්මත/16/08/05/@
25 Commen

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.