විරහවක නොනිමි සුන්දරත්වය
ඔබ හදට ගලපන්න
මේ කවිය මගේ කියා
හැම වෙලේ තුරුලට ගන්න
කවියෙකුගේ ඇස තෙමා
හිතට සතුටක් දෙන්න
මගේ නොවේ මේ කවිය
ඔබටමයි අරගෙන යන්න
සුසුමකට ඉඩ තියා
අදුරකට ගුලිවෙන්න
ඔබ ඔබට හිමි ආදරයේ
චමත්කාරය විදගන්න
මගෙ හිතේ මෝදුවන
සුවද කවිමල ඔබට.........!
@අසම්මත/17/02/14/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.