නොපිරවිය හැකි තරම්
මහා හිඩැසක් වෙයි
ජීවිතය ඉබාගතේ යන
සොයා සොයා ලතැවෙන
පිරවිය හැකි යමක් නොලැබෙන
පාව යයි සුළගකට
හිස් තැන තාම වෙයි නොපිරුන
අත්දැකීම් සුලභය හැම දින
පාඩමකි එය දිවි මග
අරුත් බර හෙටක් හිතුවද
වර්ථමාණය ඉකි ලයි හද මැද
හිස් ජීවිතේ නොපිරේ කිසි දින
සුසම් පමණක් ඇතිය හදකට..............
@අසම්මත/17/02/06/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.