Tuesday, March 27, 2018

කළු සුදු

නොසිඹිමි

කටු ඇති ඔය දෙතොල්

සිප ගමි

සියුමැලි නුඹ සිතුම්

හැරයමි
 

අසුන්දර ඔය නුවන්
 

අසනෙමි
 

මනරම් නුඹ වදන්
 

නොදකිමි
 

කවදා එක්වන වරම්
 


කළු සුදු
 

කෙදිනද පෑහුනි රනින්
@අසම්මත/17/03/26/@

දන්නවා

මම දන්නවා
මට දැනෙනවා
ඒ ඇති ද... කියා
නොම හැගෙනවා
ඔබ සතුටුවෙන තැන
මම හොයනවා.....
කස්තුරි සුවද සුළගකට එතෙනෙවා
කල්පයක් දුර මම ගෙවනවා
ඔබ එන්න එතකම් ඉන්නවා
නිසංසල සමනල සිහිනයක් දකිනවා

@අසම්මත/17/03/27/@
6 Co

Friday, March 23, 2018

සම්ප්රදාය


ගොතිූකයෝ උනත්

ආදරය විදිනවා

බැදීම පැවතීම මේ හැම දන්නවා

ඉතිහාසයක් ආඩම්බර කමක් එක්ක තියනවා

හිතන විදිය සම්පුදායිකය කියනවා
 

ඒත් පටු විදිහකට නොවන
 

අපේ කම රකිනවා
 

අළුත් අරුණැල්ලක සිහින
 

නිරතුරුව දකිනවා
 

මායිමක් කුමටදැයි අපිටත් හැගෙනවා
 

කොදෙව්වක තනිවෙන්න මැලිකමක් තියනවා
 

සිතන සිතිවිලි ලොවට දැනෙනවද අහනවා
 

@අසම්මත16/03/23/@

පියාපත් තිබුනා නම්


ඔබ කියන තැනකට එන්න තිබුනා

පියාපත් තිබුනානම්

ඔබ නොදැන කියනා පෙම් කතාවේ

ඉමක් දැනුනා නම්

සැගවිලා ඔබ යන්න යයි
 

හැබෑ බව එය නම්
 

පියා සලා යන විහග රෑනක
 

කිචි බිචිය සරදම්
 

අහිංසක වග කියා කුමටද
 

ඔබට නොදැනේ නම්
 

අත්තටුත් ඇත හිතක් අද්දර
 

හිතලුවක් නොම වේනම්
 

දෛවයට ඉඩ දී බලා හිදිමුද
 

හිරු සැගව යා නම්
 

හිතක් එඩිතර දිරිය අරගෙන
 

යමක් නොකරයි නම්
 

ලොව ගමන් යයි හිතු මනාපෙට
 

ඔබ මාත් එකතැන නොවී දෙතැනක නම්.......

@අසම්මත/17/03/23/@

එක මලක්


එහි මල් පරව තිබුනා බොහොමයක්

ඒ අතර තිබුනා එක මලක්

එහි සුවද තිබුනා මහ ගොඩක්

එය විදගන්න නොදෙනා හැඩක්

තේරුනා ඉඩ නොදී සුළගට ගිහින්
 

ඒ මලෙත් පෙති සිදිලා හොරෙන්
 

යන්න ඇත්තේ ඒකයි සුළග එක්කම රහසින්
 

හැලෙන බව පෙති නොදැනම හිතින්
 

සුවද පමනක් ලස්සනම මලකට දුන්නේ බබුන්
 

විදගන්න ඇයි අවසර නැත්තේ නෙතින්

@අසම්මත/17/03/23/@
39Nimsara Perera, Jayani Ama Somarathne and 37 othe

Thursday, March 22, 2018

ඈතක දුරස්ව ගොස්


ඔය මං කැමති ඇස්

ඔය බැල්මට මං කැමති ඇයි

මං අහන්නේ මගෙන්ම

බලා හිටියෙ පාරමී පුරල

ඒත් ඒක මිරිගුවක් බව දැනුනේ
 

ලංවෙන්න ලංවෙන්න
 

නුඔ ඈතක දුරස්ව ගොස්
 

නොපෙනෙනා ඉසව්වක
 

සගවලා ආදරය නොදෙන්නම
 

ඉතිං මම බලා සිටිමි
 

කප්සුවහස් කල් වුවද
 

ඒ ආදරය විදින්නට
 

@අසම්මත16/03/19/@

කියනවද උඹ ඇත්තටම


ඉතිං ඇඩුවද ඔබ

කදුළකට කැලලක් වන්නට

පොරොන්දු වුවා මතකද

රකිනවා පොරොන්දුව දිවි කොට

ආත්මය අප වෙත ඇති කොට
 

මායිම් පව්රු සීමා කොට
 

බැන්දත් දනන් අප වට කර
 

රහස රකිනෙමි උඹ රදන්නට
 

කියනවද උඹ ඇත්තටම
 

සත්තයි ආදරේද මට
 

අදහ ගන්නත් බැරි තරමට

@අසම්මත/17/03/16/@
4 C