Wednesday, October 18, 2017

පපු කුහරය


මගේ පපු කුහරය වද දෙන්නෙ ඇයි අර

ශෝධනය කර හෙට අපුල්ලා හොදටම

නූපදින අදහස ගෙන කඹයකට ඔතා ගැට ගහගෙන

පැත්තක් මවෙත ගෙන පැත්තක් ඔබට දෙන

අදහස් නෙක එහෙ මෙහේ පැද්දෙන
 

අඹරවා මිරිකවා ගුලිකර තද කර
 

ගැටයක් ගසමි හොද වියමන් හිතකට එන්න
 

අභිසෙස් නොලද කවියක මත තිත තියන
 

සතතාභියාසය නුඹ හැම විට කියන
 

නුපුහුණු ජපයකි වදනක මුහු නුණ
 

අනුභුති මාතෘකා ආකෘතී ඇද හැළුණ
 

කවියක් නොවේවී විදග්ධ කියවීම
 

අයනු ආයානුත් නොදැනම ලියවීම
 

නිදහස මනා කොට මුහුනට ගොඩකෙරුම
 

කවියන් නොවී අපි ලියනා සැම කවිවීම
 

හීනමානයක් නම් ඇයි අපුලක ලෑම
 

නොලියා සිටිනු ඇයි සකබර්ග් මචකෙක් නේද...
 

කැමතියි අකමැතියි කියා පව් සේදීම
 

වුවමනා දෙ පෙත්තෙන් ගසක පලදාව
 

බහ තෝරනවා තාම කවියක් මුහුනු පොත ගාව.........

@අසම්මත/16/10/18/@
4 Com

Tuesday, October 17, 2017

ඝණදුර


ඝණදුර බිත්ති හතර මැද තාම

හිරු එබෙන්නැති කිසි දිනෙක

ෆ්ලොරසන්ට් එළියක් කෘතීමව

ඇස්වලට ඉගි කරයි බිල වැටෙන

කාස්ඨකය ගිනිගත් හදවතම
 

නියගය ඉරි තලයි සුසුමක හඩට
 

පැහබර හෙට දවස අැගිලි ගනින
 

පෑරු හිත මත දෙදැරුණ අකුණ
 

වාරුව නැති දෙපයටම තුවාලය
 

කනිසම හඩන් කැරෙකෙන වෙලාවක

අතහැරිම


එය මගෙ නොවෙයි

ඔබ දන්නවා එය

සුළගකට එය අතහරිනවද

වෙන අතක් මත පතිත වන්නට

මගේ හදවත අහනවා නිතර
 

පොරකන කෑදර හිත
 

නොඅතාරින්න කරනවා කරදර
 

බලා හිටියට හිත නුඹ
 

වෙනතක දුර ගියා මතකද
 

බලා හිටියට ඇස් අයා මම
 

අහිමි නම් කුමට උපදීද ප්‍රේමය
 

හිතක් නැති සුන්දරම හදකට
 

කවියකට පනදී හනික මියයන
 

සුසුම් පමණක් සුළගට උරුමවන

@අසම්මත/16/10/15/@
13 Comme

තරු නැති අදුර


තරු කැටයක එළිය සොයමී

බිත්තී හතර ඝණ කළුවරට

හිරු එබෙන්නැති කිසි දිනෙක

තරු දකින්නැති හද අදුර

අහිමිකම


මට මාපෙනෙන්නැති කවියක

මට මා අහිමි කවියක

නුඹ නුඹට අයිති කරගත්තේ කොහොමද.....

සොරා ගත්තේම එය රහසෙද.......

නොපෙනී අහිමිකම දැනුනේ ඇයි මට.....
 

කවියෙ අයිතිය සොරාගත් හදකට......
 

සැගෙවෙන්න පුළුවන්ද කවියකට රහසින්ම..

@ අසම්මත/16/10/17/@





ලිවීම


මට නැති වෙන්න දෙයක් නෑ

රැක ගන්න කියලා දේකුත් නෑ

උඹ හුස්ම ගන්නවද.....

ලියපන් මට පපුවටම වදින දෙයක්

මට ඒ ඇති හොදටෝම
 

වල්මත් ගමනක ආඛ්‍යායණය
 

ගිලෙන්න පෙර මහා සාගරයේ
 

ඒ කවියක් කියල පලයං
 

නිස්සාර නෑ ජීවිතේ විදපං
 

කරුමක්කාරයෝ අපි විතරමද බං...........
 

යලි උපන්නෙද..? ජීවිතය දැං....
 

හෙවැනැල්ල ඇද නැති මිනිසුනි කියං........

@අසම්මත/16/10/17/@
9 Comme

ඇවිත් ගියා


ඔබ ඇවිත් ගියා මතකයි

එය නිමේෂයකට පමණයි

ඒ සුවද කල්පයක් පවතියි

එය විදිනවද දන්නේ ඔබමයි........

@අසම්මත/16/10/17/@
20 Comment