වෙසක් දසුනක ඉහිරවා
මගේ රුව ඔප කොට
සුවද දෙන කරදාසී මත පාට
වෙසග දින තුටුකලා
ඇත මතකයක තවම
ඒ සුවද රැදි සිතුවම ද
වෙසග දා හැම විටෙක
සද එළිය දිගේ අවුත්
බබලවයි නෙතු මැද හෙමින්
අද කොහිද නුඔ
මම කොහිද වෙන්වීම
එතරම් ම ගිය ඈත
අප දුරස් වීම දවයි මසිත
වෙසක් සද නැගි හැම රෑක
@අසම්මත/16/05/22/@






