Monday, May 22, 2017

ඉහිරීම


වෙසක් දසුනක ඉහිරවා

මගේ රුව ඔප කොට

සුවද දෙන කරදාසී මත පාට

වෙසග දින තුටුකලා

ඇත මතකයක තවම
 

ඒ සුවද රැදි සිතුවම ද
 

වෙසග දා හැම විටෙක
 

සද එළිය දිගේ අවුත්
 

බබලවයි නෙතු මැද හෙමින්
 

අද කොහිද නුඔ
 

මම කොහිද වෙන්වීම
 

එතරම් ම ගිය ඈත
 

අප දුරස් වීම දවයි මසිත
 

වෙසක් සද නැගි හැම රෑක
 

@අසම්මත/16/05/22/@
4 Com

සැලීම


සැලෙන

හැටි

සිතක්

හිත හිතා

පසු පසම
 

ලුහුබදින
 

හැටි
 

සි

ක්
 

වෙසක් සද
 

ඇරැයුමක
 

හිතන්නට
 

නැවතත්
 

හි

 

ගැන
 

බොහොම!
 

@අසම්මත/16/05/22/@
1 Com

ඇලලීම


කරපින්නාගෙන

ආශාවන්

දකින දසුන්

නෙත

ඇලෙන්නේම
 

සොදුරු සිතුවමක
 

හිතටත්
 

හොරෙන්
 

කෙලෙස් නැතිවිට
 

තුරන්
 

@අසම්මත/16/05/22/@

සංඛේතයක්


එකතු වේ නම් මෙසේ

සංඛේතයක් වෙන්නේ කෙසේ

ආදරය දළුලයි හදේ

විදිමි ඒ ආදරය නුඔ ගේ පිුයේ

තෙපලුවා මතකද වදන්
 

ඇස්වලින් ඉගිබිගි කරන්
 

පෙන්වලා සුරතක් රුවින්
 

ආදරය පෑවා හදින්
 

දසුන් පෙන්වා නෙතින්
 

අන්ධ කෙරුවා ආදරයක් ඉතින්
 

@අසම්මත/16/05/22/@


Sunday, May 21, 2017

නයන කවි




ඇස්

මේ

ඇස්

දොඩන බස්
 

සසල නොවේ
 

මගේ
 

ඇස්
 

නොපිය වෙන
 

ඇස්
 

කියන
 

රහස්
 

තෙමාවී
 

කදුළුවිත්
 

රහස් මුමුණන
 

ඔය දෙඇස්
 

@අසම්මත/16/05/21/@

වියපත් වීම


තුරු මුදුනක් තමයි

තුරු හිසක් වි නැගුන

බොහො පත් වලින් පිරුන

වෙසක් සුළගට සැලුන

බොහෝ කවි ගී කීව
 

ලමා විය වීය මට
 

අතු ඉති දළුලා වැඩුන
 

තරුණ කම ගී රස බෙදුව
 

වියපත් විනි කාලයේ සරදමට හසුව
 

ගී පදත් ගෙතෙන්නැති
 

මගේ මේ සෙවන යට
 

අනන්තය මිහිරියක තැවරුන
 

සිලි සිලිය නගන්නට ඇති
 

සිත නිවී පහන් වන
 

හෙට මතකයක නැති වෙයි ද
 

මුල අගින් සිදුනාම
 

@අසම්මත/16/05/21/@

Saturday, May 20, 2017

සසර දුක


මේ වෙසක් සද

නෑගී එන දුක

දුටිමි සසරක

එක් හරස්කඩක් අද

ආත්මයකට නොවිදි
 

ආත්මයකට නොදුටු
 

මිනිසුන්ගේ අතෝරක් නැති
 

සුසුම් කදුළැලි දුසිම් ගනනකි
 

සෞම්‍ය සද ඇති
 

කවිද අද නැති
 

පපුව තුල ඇති දුකම පමණකි
 

පින්බිමද මරණය සමග සටනකි
 

සොහුරන් නෑසියන්
 

ජීවිතය ඉල්ලා මොරදෙති
 

වෙසක් සද නුඔ
 

මරණයක සිතුවමක් අද නැගි
 

@අසම්මත/16/05/20/@

6 C