Friday, May 4, 2018

සුසුම් සුවද

පමානොවී එය ගන්න
නොමියෙනා මතකයක් සමරන්න
ඔබට පුළුවනී හැමදාක
දුක සුසුම කදුළ හදුනන්න
මේ කුසුමේ සුවද අරගන්න
මා හද උයනේ පිපි
එකම කුසුමයි මේක
පිවිතුරු ඔබ දෝතට මෙන්න

@අසම්මත/17/05/03/@

සමනළිය

විසදිය නොහැකි පැනයක්ද
ඔබට මම තව
උපකල්පනය කල නොහැකි
හිතිවිල්ලක්ද හද මැද
නොකියාම නිහඩව ඉන්න
අනන්තවත් දේ සගවන්න
ඔබයි දන්නේ වෙන කව්ද
සිතුවමක් වී නොමැකෙන්න
මියෙනතෙක් හිත මත කිමිදෙන්න
අවසරයි සොදුරු සමනලීය
අහිංසක තටු නොරිදන්න
ඉගිලයන්න ඉඩ හරින්න
ආදරය සමනලුන්ට දෙන්න

@අසම්මත/17/05/04/@
6

Thursday, May 3, 2018

සසලකල

නිසල දිය
සසල කල
නුඔ
පුංචි සිතිවිල්ලක්
කළඔවයි
මහ දිය කදක්
ඇසිල්ලක
සැනින් වට කොට
සියුම් ලෙස
පහරකින් තලා
@අසම්මත/16/05/03/@
1

ගිලීයාම

ආශාව මත
ඇද වැටීම
ගිලී
සැනහෙන්න
වියැකිලා
නොයන සේ
ගැඔුර දැන
නොසීදෙන ආශාවන්
තුල කිමිද
@අසම්මත/16/05/03/@
2 C

ඔබට ලියුව

සෙනෙහසම
අයදිනා
නෙත පුරා
රැදි
නුඔ ට
සෙනෙහසයි
මේ
හද පුරා
ගලන
@අසම්මත/16/05/03/@
3

ගිජු නෙත

බලාපොරොතුවක නෙත
ගිජු නෙතක
ගොදුරකට මැදිව
අසරණව
කම්පිතව
ජීවිතය යදිනු
පැවත්මක
හෙවනැල්ලකුදු
නොදැකම
@අසම්මත/16/05/03/@

විදගැනීම

දෙවනත් කරා
පාළුවද තනිකම ද
ඉකිබිදින හදක
සිතිවිලිද තනිව
සරනයුරු කල්පනා ලොව
හුදකලා මහරු
විදිමි
විදවමි හිතලූ
@අසම්මත/16/05/03/@
2 C