හද උයන් වල
හිත් යහන්වල
සුන්දරව සුපිපෙන
මල් අතර පිපි
තනි මලක් ඇත
ඔබ හිත තුලද
නිරතුරු දගකරන
ඒ මල
දනිමි මම
දැනේ මට
විදිමි මම
සුවද පොද
විසිර යන්නට
නොදී අහුරා ලොබ සිතින්
තට්ටු කර අහනවද
හදවතින් ඒ ගැන
සමානයි නුඔ හා මමත්
බලන් සබද
මා හද උයනේ
පිපි දිලී ලෙලෙන
ඒ මල සොදුරු ද ?
නුඔ නෙතග,ට
@අසම්මත/16/05/07/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.