අසුනකට හැකිනම් කියන්නට
තනිව හමුවුනු විටදි උර දුන්
කවි වදන්වල ගැටගැසුනු අරුතක
යටි අදහසක් පැල උනේ මෙතනම
නුඔත් නුදුටුව මමත් නුදුටුව
සමහරක් වැකි වලට පෙරලුන
රූප පමනක් ඇසක දැවටුන
කවි හිතක් මතුකරපු තනිකම
ලියවුනා වෙන කිසිවෙකුත් නැතිවම
හුදකලාවක හිද විදින රස රග
ආදරෙයි තවමත් මෙතනට මම
@අසම්මත/16/05/11/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.