තුරු මුදුනක් තමයි
තුරු හිසක් වි නැගුන
බොහො පත් වලින් පිරුන
වෙසක් සුළගට සැලුන
බොහෝ කවි ගී කීව
ලමා විය වීය මට
අතු ඉති දළුලා වැඩුන
තරුණ කම ගී රස බෙදුව
වියපත් විනි කාලයේ සරදමට හසුව
ගී පදත් ගෙතෙන්නැති
මගේ මේ සෙවන යට
අනන්තය මිහිරියක තැවරුන
සිලි සිලිය නගන්නට ඇති
සිත නිවී පහන් වන
හෙට මතකයක නැති වෙයි ද
මුල අගින් සිදුනාම
@අසම්මත/16/05/21/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.