එකම
එක
කවියක්
ලියමි
හද මායිමට
පැමිණ
සැගවෙන
නුඔ ගැන
ඇයි පලායන්නේ
සසල කර
නෙත් අග
සිතුවමක් ඇද
කුතුහලය පමණක් තබා
ආදරය මුමුණා
ඇස් මත තවරා
කදුළකට පන පොවා
ඉන්නවා මං
උපදිනා හැගුමන්
ගුලිකරන් හදවත මතුයෙහි ඔබා
පෑල දොර හිද
සිත සසල කර නුඔ
ඉතින් සැගෙවෙනු එපා
@අසම්මත/16/05/06/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.