හිත කොනිත්තා සියුමැලිව
මලක් දීලා හොරාටම
සැගවිලා විටින් විට
එනවා යනවා ආදරය
අල්ලලා තදින් සිරකර
බැදගන්න සිත කීවත් දහස් වර
සැගව යනවා හුදකලා කොට
අස්තිරම මේ ගොර ලෝකය
දුකක් දී මිහිර මී කොට
විදිමි සැනහි දුකක්මය පේුමය
රසක් කරමී මතක විදිමී
නුඔ සුළගකී පවන ගෙන එන
සැලි සැලී ලෙලෙනා මහදට
@අසම්මත/16/04/23/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.