සියුමැලි සුරතින් නෙළු
මා හද උයනේ පිපී ලෙලුනු
ඒ රෝස මල කටු ඇනුනු
ඇනුම් පද අසාගෙන
නුඔ නමටම පිදුනු
කවි ගෙත්මක් එක්ක
අදුනන පපුතුරේ හඩන
ආදරේ මිහිරිම වදන
මා මුවින් තෙපුලන ලදුව
උමතුවක් වැළදිලා යැයි දොඩන
නුඔ හදුනන් නැත්තෙමිය
කුමකට කතා බස් කෙරුම
කියන්නී තෙතමනයක් හදෙහි නැතුව
ඒත් මම කියමී මම දනිමි
නුඔ හද ගැහෙනා හැඩය
ආදරයක් සොයා හඩන හිත
හංගමින් වහන් වී රැදුන
සෙනෙහසක් සොයන වග ලමැද
කාටවත් නෙමෙයි නුඔට විතරක්ම
කුරුටු ගෑවුනේ මේ පද නුඔ නමට
එහි අයිතිය මගේ නොව
කවියක ගෙතී ලියැවෙන්නෙ නුඔට
@අසම්මත/16/04/18/@
අවසනයි කියා පත්තිරුවක ලියා
හද රැදි ආදරය සගවා
මා නෙත් අද්දරට වී
සැගවිලා එබිකම් කලා
මටත් ඉවසන්න බෑ
ඒ නුවන් ඉස්සරහා
දිගම කවියක් වෙලා
හදවතම රිදවනා
නුඔ ඈත යන්නේම
අකමැත්තකුත් එක්ක
සැගවිච්ච අකුරු අතර
වෙව්ලනා ඉකිබිදුම
ජීවිතේ පවතිනාතෙක්ම
රිදුම් දෙයි නුඔට
නෙත් පුරාකදුළු කැට නිතර
රූ රාවී නුඔ අතට
මතකයන් කොනහන්න එපාමයි එවිට
රිදුමක් දැනෙයි මගෙ හදට
@අසම්මත/16/04/17/@
Thanks for coming!
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.