ඉඩෝරය පැල් බැදන්
ඉලුක් මානා ගිනි ගෙන දැවෙන
කාෂ්ඨකයි මහ පොළොව
කදුළු පිරිසිදු වතුර වලට හැරෙන
රජරටට පායානා ගොරහැඩිම ගිනි අව්ව
තොල්පටත් ඉරීතැලී පැලෙනා තරම
ආදරය පෑල දොරින් යන
අග හිගය රේල්පීලී සමව
උගුර ලේ රහ පමණී
කුස ගින්නකට උරුම
සාක්කුව හිස් වෙවී
පිච්චියද නැති කලට
මහකනදරාවැව හිස් බඩගින්නක තාම
ගොවි ගෙදර කතන්දර
ඇලපිල්ලක් ඉස්පිල්ලක් නෑර
දුක දෝර ගලනවා
කඩමංඩියේ සුපිරි සැළ ගාව
වී ගෙඩියෙ පොත්තකුත් නෑ
හේලන්කඩ බැදී අටු පතුල මැද
මඩ අක්කරයත් උගස්
වැහී ඇල්ල වැටෙනකම්ම..........
කිඹුල උදැල්ල පිරිමදීමි
.පපුතුරට මුවහත වදින තුරුම..................................
@අසම්මත/16/10/02/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.