කතා නොකලට කමක් නැත මට
ගොඩක් දේවල් හිතේ තිබුනට
නොකිය ඉන්නම තීරනය කලේ නුඹ
කතරකට වී මලක් පිපුනම
රුවින් දැකගනු කෙසේ හැකි වෙද
සුවද පමනක් සුළග අරගෙන
විදාරනය කරවයි දසත සැමවිට
කව්ද දන්නෙ මලක රොන් රස
ඉබේ පිපිලා ඉබේ පරව යන
නුඔ මලක් වුනේ ඇයිද කතරට
සුළං කීවා ඇහෙන්නට මට
කවිය කියනා මලට ඇස් ඇත
ලියන්නම සිතෙනා හදවතක වග
කතර සරනා එමල දොඩනා
පෙම නිමක් නැත නෙතක කියැවෙන
කටවත් ඇහෙන්නැති හුදකලාවක හිද
ඇස් දෙකම විතරක් පෙන්නපන් මට
මමත් කවියෙක් ලියන්නම් එය
ඇස්වලත් ඇති කවියකම රුව ගුණ.......
අවසරද මට කතරෙ පිපි නුඹ මල.....
@අසම්මත/16/10/15/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.