මේ මොහොත ඕන නුඹ දැන ගන්න
එහි හිමිකම් සොයා ගන්න
ඉතිහාසය කොහෙද ඔබ ඉන්න
එහි කොතැනකද හිමි මට ගන්න
මා කල කිසිත් නැතිද සදහන්ව
ඕපපාතික විණිද එය වියැකෙන්න
ඉතිහාසයක් ඕනමද මා හා ඉන්න
වැලැලූ අතීතය මා දන්න
එපා කිසි විට මතකයට එන්න
අමිහිරිම දේ වලින් පිරුණ
අතීතය නූඹ ඉතිහාසයෙම වැලලෙන්න
පටන් ගත හැක අද මගෙම
ඇරඹුමක් වෙයි එය හෙට ඉතිහාසයකට......
@අසම්මත/16/10/29/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.