ඔබ ඉන්න කිව්වට ඉන්න බෑ මට
ඉවසන්න කිව්වට ඉවසුමක් නෑ මට
ඇය ඇවිත් අත වනන කොට
ඇගිලි තුඩකට හසු වුනා ඔබ
සියුමැලිව පිරිමැද හදට තුරුළුව
සිතක සෙනෙහස කවියකට කර
ලියවුනා නෙව අකීකරු ලෙසකට
සිතන්නට ඉඩ දී සොදුරු සිතකට
හැරයන්න ගියහොත් දුකකි හදකට
අකුණ සරයෙන් එන සිතිවිල්ල පිලිගෙන
හිතක් කළබල කර එන වදන් වල
නොඉවසිල්ලක කවි විසිර යන
සුසුම් සයුරක් දෝතකට ගෙන
එතී හද ගැබ පාරනා කවි මල
කඩුපුළු මලක් සේ රැයක සුපිපුණ
රසදුනක් ඇසකට කවියකට පන දෙන
සුවද වෑහෙන පෙම් උයන් වල
තරුණ බඹරුන් නගන ගුමු නද
අත වනන්නෙම ලියන කවි වල
නුඹගෙ හදවතේ කොනක ඉන්නද.............?
@අසම්මත/16/10/20/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.