තරු නැතත් රෑ අහසේ අමතර
එක තරුවකුත් නැද්ද එළියට
වළාවක අදුරු පටළයක වැහුනට
ඉන්නෙ නම් පෙර බලන් ටිකකට
එක තරුවකුත් ඇති ඇසකට
කියන මග දැක හරියට
හෙට අදුරු නැති දිනකට
අත වනමි ඔබ එන්න එක මිටකට
අපට ඇත තනන්නට දැයක්
අපට ඇත දිනන්නට රටක්
අධමයන් නැති හිනෙහැනා හිතක්
එකතු වෙන කාලයක් එන ලගක්
අගිලි ගනිමින් ගත වනා අදක්
පායන්න අහසකට තරු නැති රැයක්
@අසම්මත/16/10/20/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.