ඔබ ඔබගේ දෙවොලින් බැස ගිහින්
පිය නොනගමි කිසි දින එහෙයින්
නොදැනුවත්වම දැනුනද යමක්
ඒ බොරුව දැන් ඇති බවක්
ඇදන් සළු පිළි සූ සැටක්
මවන් හිටියට මහා රස්මියක්
නොදිලිසෙන හිමි රන් ඇගක්
මිලක් කෙරුවට හැම දිනක්
එයත් වැහැරී යයි කලක්
නොසිතනු මැන නුඹ පුරගනක්
ජාතක කතාවල චරිතයක්
ලියවුනේ කොහොමද ස්ත්‍රී සුකොමල ලදක්
මානවක සිල් බිදි බලගතු කයක්
රුවින් පුරවර සැරි සරු දෙව්ලියක්
හිතන්නට බැරි අගනකට රුව මහමෙරක්
@අසම්මත/17/03/12/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.