මමත් ආසයි
අතක එල්ලිල යන්න
අතාරින්නැති තාත්තෙකු ගේ
අතක
අන්දා පාට ගවුමක්
හැඩ බලන
අම්මෙක්ට
නැ මට
උපන් තේකට දැනිලා
ඒ වගක් මතකෙකට
එබෙන්න
දැනුනේ බර තමයි
ඉසිලිය හැකි දාක සිට
හිටියනම්
නංගියෙක් හැකිය
නුඔ බරත්
උසුලන්න-------------------------------
කජ්ජක් ද
එය බරක් නොවේ මට
@අසම්මත/16/07/30/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.