ඇස් අරින කොට
දැවටුන වර්ණ
අනන්තයි අපුමාණයි
හිස මත පාත්වෙච්ච
ඒ වර්ණ හරි බරයි
ඇස්වලට කලබලයි
තෝර බේරා ගත නොහේ
හිත කුලප්පු කරයි
හිස පදාසයක් අඩපණයි
පැලී රුධිරය ගලයි
ඉනු කුණු ලේ ඉවත යයි
අළුත් ලෙයකට අත වනයි
හිස මතට කවි එන හැඩයි
අළුත් රුධිරය සතුට දෙයි
@අසම්මත/16/06/21/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.