අපරිනත අදහස්
නොමේරූ සිතුම් පැතුම්
අසම්මත හැසීරීම්
නොපිලිගන්නා කියුම් කෙරුම්
නොදන්නා වං හුං
හැමදාම විපරං
කරන්නේ ඇයි ද
නොතේරෙන කවියක ද
දැනෙන ලෙස ලියවුනාවද
දැනෙන්නෙම නොමැතිනම්
නුඔ හොයන තතු හිතක
කවදාවත්ම නොහදුනාවී මාව
දැන ගන්න ලං වෙනවද මට
මග නොහැරෙන හිතක් එක්ක
මතකයක් තියන්නම්
නොමැකෙන සළකුණක් එක්ක
@අසම්මත/16/06/14/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.