Saturday, May 5, 2018

වියැකිලා යන්න නම්

ඒ වැළි තලා මත
පියවරක් නොතබමි
වියැකිලා යන්න නම්
ඈත නැග එන හිරු
දෙස බලා හිනැහෙමි මං
අළුත් කවියකට දැං
පද වැකියකත් ලං
ගැලපිලා ඔය හදේ
ලියවිලා නොමැකෙන්න දැං
පවතින් දෙනවදෝ ගිවිසුමක ඉඩ අරං
@අසම්මත/16/05/05/@
9

ලියා අහස් කුස නිලට

මේඝයක් වත් නැතිය
වහංවී පැන ගියා නොපෙනී දුරක
සිතතුල ඉන්න සියත් කැල
ගමි සුරත් මත සෙනෙහසින
ඇත මටත් පනිවිඩයක් දෙන්න
මුහුන මත සැරිසරණ
ඇසකින් දුටුව කතාවක වරුණ
ලියා අහස් කුස නිලට
රන්වන් දසුන් දිලෙන
ලියා පත් ඉරුවකට
පාකර එවමි මොහොතකට ලතවෙන්න
සිත ඇතුලේ ඉගිල්ලෙන සියතුන් වෙතින
අහනවද නොදනිමිය ඒ පුවත ඔබ ගන්න
@අසම්මත/16/05/05/@
1

හුදකලාව හිද

සහසක් කවි නැත
එක කවියක්ඇත
හුදකලාව හිද
කියවන නෙක වර
ඒ කවියම දැන් කට පාඩම් කර
නුඔට ඇහෙන්නට
ගීයක මුහුකොට එවමි අහන්නට
දුර ඈතක නුඔ තනිය මකන්නට
@අසම්මත/16/05/05/@
10

මිනිස් කම උඩගුකම පටලවාගෙන

පිම්මක් නැවුම් විදිහකට පනින්නද
අළුත් ඉරියව්වකට ඉදල
දුවන හැටි කියල දෙන පාසලක
උපාසක කට්ටියගේ තරගය
මිනිස් කම උඩගුකම පටලවාගෙන
තරගයම අතට අරන් බදා වැලද
හතිවැටෙනකම් දුවමු අනන්තය
ඉක්මවන ආශාව අත්කර ගැනීම දක්වාම
සිත් නිවා ගන්න ශෘරුංගාරය අතාරින්න
කදුළු හංගන්න කුහකවත මිරිකන්න
සාරය උරාගෙන පටලැවුන හිත
මුදා හැර පහන් සිතකින් එන්න
මහොඝය විද නිවී සැනහෙන්න
දිවිය පුරාම දිවයන දිනුම ඔබ ගන්න
@අසම්මත/16/05/05/@

අමනාපෙන්ම දෙඩු බස්

මමත් නිදහස්
නුඔලාත් නිදහස්
අදහසුත් නිදහස්-------------
නුඔ පමණක්
සිතින් උදහස්
උරන වී අදහස්
අමනාපෙන්ම දෙඩු බස්
මා කරා කම්බස්------------
දේශ සීමාද
වැට කඩුළු පවුරුද
කඩා බිද නොගෙන
ඉගිල්ලෙන සොයා යන නිදහස
විදින්නට ඉඩක් ඇත
අද නොවේ හෙටට
මට නොවේ අප ට
@අසම්මත/16/05/05/@

ඈත හිරු බැස යන වෙලේ

මට ඉන්න දෙනවද නිදහසේ
මේ නවාතැන් පොළ මගේ
තොටුපලක් වුන හිත දිගේ
ඇදී එන්නෙම තනි කම හොදේ
ඈත හිරු බැස යන වෙලේ
හුදකලාවම කල් යල් බැලේ
කවි හිතක් උනුහුම් කලේ
අතීතය මතකෙට නතු කලේ
නැංගුරම් කොහිවද දිවි තලේ
සිතිවිලි ඇවිත් හද සක්මන් විලේ
නිහඩ හද පාරන වෙලේ
මේ කවිය නුඔටය පද වැල් කලේ
@අසම්මත/16/05/05/@

Friday, May 4, 2018

ඇස්වලින් පමනක්

කව්ළු පියන් හැර
විවර කර නෙත්
බලන්නේ දුර හිත්
ඈත මතකෙක මතක අහුරක්
මැවෙන සුන්දර දසුන් පමණක්
හදවතක පිරි සුසුම් පවුරක්
තනිකමත් මට ගෙනේ ඔසුවක්
ඇස් වලින් පමණක්
දොඩන වදන් විතරක්
ඉතිරිකර ගිය නුඔ
සදාකාලික කදුළු බුබුලක්
@අසම්මත/16/05/04/@
42You, Nisansala Ramanayake and