Sunday, June 10, 2018

පාළුවට ගිය මූද අද්දර

හුදකලා සිතකට
කරන ඇරියුම්
දවයි සිත දහස් වර
ඡායාවකට පෙම් කර
ඇලුන සිතකට
සැබැවින්ම ලං වී
විදිමි ඒ සුන්දරත්වය
සැදෑවරුවක වෙරළ අයිනක
පාළුවට ගිය මූද අද්දර
හිමි හිමින් විත්
සිඔිණ රළ රැළි
වෙරළකට වුව
නැගෙන හසරැළි
චමත්කරය රසදුනක ගැටි ගැටි
පොපියවයි සිතක පෙම් රැළි
@අසම්මත/16/06/10/@
29මල් පියවිලි, Avihinsaka Hiru Kumari and 27

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.