නුඔට මතක නෑ
මට මතකයි
ඒ පොරොන්දුව
අගේ කර කර
නුඔ ගත්ත හැටි
ඊයේ නොලියපු
ඒ කවිය අද ලියන වග
ගිවිස ගත් විදිහටම අද
ලියාගෙන කවි
ලස්සනට පිපි
සුවද විහිදන මලක් අරගෙන
මදහසක් මුව පුරවගෙන
ආ නමුත් නුඔ කොහිද අද
අකීකරු සොභාදහමද
වලළා දමා ගිය
මතකයක් පමණක්
ඉතිරි කර ඇත මට
@අසම්මත/16/06/08/@
මට මතකයි
ඒ පොරොන්දුව
අගේ කර කර
නුඔ ගත්ත හැටි
ඊයේ නොලියපු
ඒ කවිය අද ලියන වග
ගිවිස ගත් විදිහටම අද
ලියාගෙන කවි
ලස්සනට පිපි
සුවද විහිදන මලක් අරගෙන
මදහසක් මුව පුරවගෙන
ආ නමුත් නුඔ කොහිද අද
අකීකරු සොභාදහමද
වලළා දමා ගිය
මතකයක් පමණක්
ඉතිරි කර ඇත මට
@අසම්මත/16/06/08/@
එදත් පෙරඹර හිරු නැගීවිත් ජීවිතය කල එලි කලා
ReplyDeleteනුඹත් සමගින් උන් අතීතෙක පදවැලක් කවියක් කලා
එහෙත් දිවියේ ගෙනා පවකට නුබත් මට අද නැති වෙලා
තවත් තනියට කවි මැවෙන්නේ අතීතෙක දුක නැංවෙලා...
ඔබ තුමාගේ අපූරු පදවැල් දිගේ අදයි මේ පැත්තට ආවේ. ලස්සන නිර්මානයක්.
ජයවේවා!!!