ගුලිවෙන්න ඉඩ දෙන්න
සිහිනවල කිමිදිලා සැගවෙන්න
විපිළිසර නෙත් වසමි
අන්ධ මන්ද හිත සගවමි
කියන්න දුක කප්පරක් විද
හිතන්න බය මතකයද
අමතකර මොහොතකට
අවරෝහන ආරෝහන
ටිකකට මිදුනෙම නිවී හැනහිල්ලේ
සිත නිදැල්ලේ පාවෙන්න
ඉතින් මට අවසරද
නුඔගෙන් ටිකකට මිදෙන්න
@අසම්මත/16/04/29/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.