සුසුම් අහුර
Thursday, May 4, 2017
හිතදුර
කව්ළු පියන් හැර
විවර කර නෙත්
බලන්නේ දුර හිත්
ඈත මතකෙක මතක අහුරක්
මැවෙන සුන්දර දසුන් පමණක්
හදවතක පිරි සුසුම් පවුරක්
තනිකමත් මට ගෙනේ ඔසුවක්
ඇස් වලින් පමණක්
දොඩන වදන් විතරක්
ඉතිරිකර ගිය නුඔ
සදාකාලික කදුළු බුබුලක්
@අසම්මත/16/05/04/@
රවුම
කරකෝල අතාරින්න එතකොට
ඒ කරකැවිල්ල
අළුත් හිතකට
අතවනාවී අළුතින් හිතන්න
මම ඒකට කැමතියි
නුඔ දන්වා ඒක
හොදටම මට දැනෙනවා
ඒ බව හැබෑවට
@අසම්මත/16/05/04/@
එමල
ඒ මල
දිලෙන්නෙත්
පිපී
තනියම නම්
මම
කුමක්
කරම්ද
හදවත්
උයනයක
රැදී
@අසම්මත/16/05/04/@
Wednesday, May 3, 2017
ප්රේමාලිංගනය
පේුමණීයයි
කව් ගී මවන
තුරුණු හදවත් මවන
ආලිංගනය
හදරැදෙන
දසුනක්
කවි නෙතට
විරාමයක්
කළබල සිතට
ඔසුවක්
නොලද සෙනෙහසක්
හදට
@අසම්මත/16/05/03/@
සයනය
මේ සයනය ට
දෙඩිය හැකි නම්
මෙහි මිමුනුණ
දොඩමළු
රළු නොවු
පෙු්මණීයම වදන්
කෙතරම් ආහ්ලාදයක්ද
එනකොට මතකයට
නුඔට අමතක
මිහිර තැවැරුව
ඒ දිනයන්
ගලා ගිය නොදැනිම
@අසම්මත/16/05/03/@
හුදකලාව
දෙවනත් කරා
පාළුවද තනිකම ද
ඉකිබිදින හදක
සිතිවිලිද තනිව
සරනයුරු කල්පනා ලොව
හුදකලා මහරු
විදිමි
විදවමි හිතලූ
@අසම්මත/16/05/03/@
ගොදුර
බලාපොරොතුවක නෙත
ගිජු නෙතක
ගොදුරකට මැදිව
අසරණව
කම්පිතව
ජීවිතය යදිනු
පැවත්මක
හෙවනැල්ලකුදු
නොදැකම
@අසම්මත/16/05/03/@
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)