Tuesday, April 11, 2017

පෙති සිදීම


මා හදවත

පිනා යන

නැවුම් මල

පිපි දීලී

සුවද දී
 

රුව පිරී
 

හද දීලී
 

කදුල දී
 

බබරුන් දකී
 

රොන් බීබී
 

තුටින් සැලී
 

පරවී වැටී
 

සැගවී යතී

@අසම්මත16/04/11/@

දැනෙන හිත


නුඔ අඩන හඩ මට හොදින් ඇහෙනවා

නුඔ හැංගුවට උඔ දුකින් බව මටත් දැනෙනවා

ඇත්ත නොකියන්න හිතින් කියනවා

හැංගිලා උඔ යන්න හදනවා

මමත් දන්නවා උඔත් දන්වා
 

ආදරේ අදුර එළීය අතරකද හිතනවා
 

මටත් උඔ වැනි හදක් තියනවා
 

ඒ හදත් ලේ සුවද දන්වා
 

මවක් හෙලනා කදුළු වටිනවා
 

අනන්තය දුක් සුසුම් මවනවා
 

ඒ කදුළුවල අගය මනිනවා
 

මටත් ඒ කදුළු උනනවා
 

නුඔත් එක්කම මමත් ඉන්නවා
 

@අසම්මත/16/04/11/@

සිහින මලවී


නිහඩව ගිය නුවරක සිටිමි තනීවී

නුඔත් ගොස් ඈතකම කලකී

හිතත් නිරතුරු ඉකිබිදිද්දී

තනිය මැකුවේ කවිය ලංවී

හුදකලා සිත දැහැන්ගතවී
 

විසිරුනා නෙව මලක පෙති ගැලවී
 

ඉන්න මම දැන් හීනයක් වී
 

නුඔ සොයා එමී වලාවක් වී
 

දැවටිලා නෙත් අද්දරම දිගැසී
 

මමයී ලබැදියේ සිහින මලවී
 

නුඔ හදවතේ පූදීන පැතුම් කුමරී
 

@අසම්මත/16/04/10/@

Monday, April 10, 2017

සිත්තර ඇස්



කවියකට ගෙන මගෙ රුව

සිතුවමක් අකුරින් ලියාගෙන

හදවතේ නොමැකෙනා සටහනක්

ඔබා සිලාවක ලොවට දකින්නට

හැම සතරදෙස කලා නෙතකට
 

රසදුනක් මැයි විදින සිතකට
 

පවතිනා මතක මං පෙත
 

පියසටහනක් මද මගෙ හද ගැබ
 

පතුලටම සෙනෙහසක් පුද කල
 

සිත්තරානෙණී පුදමි ගත සිත
 

රුවක් වුව දිනක මිය යන
 

@අසම්මත/16/04/08/@

Saturday, April 8, 2017

එපා නෙත් කැළුම්


මා නුවන් වසමි මම

ඔය නුවන් නොදකින්න

දරා ගන්නට නොහැකි

දසුන් නුඔ මවන

ඉවසමි සිතින් දැන්
 

සිතිවිලි වලට ඉඩ දෙමි
 

@අසම්මත16/04/06/@

Thursday, April 6, 2017

අත් අයදිමි



ඔය දෑත් දිගු කරන්නේ

හැබෑවට නම්

පෙර පිනක් මටත් ඇති

තනිකමක් වදදිදී

හිත ලගින් යයි ඇදී
 

අල්ලමී හදවතින් ආ හැගුමක නැගි
 

දමා යන්නට එපා මග නම්
 

මේ අහින්සක හිත ඔබ ලග නිතී
 

@අසම්මත/16/04/05/@

Wednesday, April 5, 2017

රළ ඉහද්දර



ඒ වෙරළ අද්දර මා තාම ඉන්වා

සයුර මැද නුඔ ඉසුරු සොයනවා

සදක් නැගවිත් පෙම් කතා දොඩනවා

අදත් නුඔ එන මගම බලනවා

සිතත් හොරැහින් එයම සිතනවා
 

හෙටක් ගැන මං හීන මවනවා
 

උඔත් එහෙමමැයි මටත් හැගෙනවා
 

@අසම්මත16/04/03/@