Tuesday, September 5, 2017

විකිණිම


මම දැක්ක

සැලළිහිණි කොටුවක

ඔහුගේ මුහුනත්

අරය ගාවීන් පෙම් පාට මුහුණක්

ඕජසම වෙන්නැති
 

තේජසත් එක්කම
 

පනම් ගොඩකට මැදිවුනේ
 

සහසකුත් කියවීම් විකුනා
 

ඔහුලගට වී ඇලවුනේ
 

විකිනෙණා විට විකිනෙණවමයි
 

පොත් පතුත් කවිත් එක්කම
 

කීවට ප්‍රතිපත්තිත් හැරමිටිය සේ වැනේ
 

අද ඉන්න එකා හෙට දිනේ
 

අතුරුදහන් වන රටේ
 

අදහසුත් සොබාදහම මෙන්
 

නිරන්තරවම ක්ෂණයකින් වෙනස් වේ
 

පැණිවරක ගහටත් හෙන ගහල බං
 

වැස්සකුත් නැතිවම අපේ ගමේ...........................

@අසම්මත/16/09/05/@
3 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.