Saturday, September 30, 2017

පරිඝණක කවි



අගුරකින් නොලියමි

වැළිපිල්ලේ ද නොලියමි

ගල්කූරෙන්ද නොලියමි

පැන්සලෙන්ද නොලියමි

පෑනෙන්ද නොලියමි
 

පන්හිදක් නොදකිමි
 

උල්පතක් ඇත්තෙමි
 

හිත මතත් ඇලි ඇලි
 

නිදහසේ ගලන ගගුළකි
 

ඇස් දෙකට දැනි දැනී
 

සුරතකට හසුවුනී
 

ඇගිළිවල පහසිනි
 

කඩදාසී ගොළු බසිනී
 

කියන හද තෙත සොදනී
 

මත ලියන්නේ කී පුවරුවෙනී.............

@අසම්මත/16/09/30/@
18 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.