Saturday, May 20, 2017

සියලු දෑත් එකට


කෑගසන ඉකිබිදින

හැම හදවතක රිදුම් දෙන

ජීවිතය ඉල්ලන විලාපය

ඒත් අප අතහැරිය යුතුද ජීවිතය

එක් වෙමු එක්කරමු
 

අත් එකක් අත් දෙකක්
 

එකතු වුවහොත් අත් ගොඩක්
 

දැනෙන කදුළක උණුහුමක්
 

පිසලන්න පුළුවන හැම දුකක්
 

මේ මොහොත ඒකට ඉඩක්
 

ඉතින් එක්වෙමු අත් ගොඩක්
 

වෙසක් සද දේවී එලි වැටක්
 

@අසම්මත/16/05/20/@

2 C

සුන්දර තුමුගුළ


සුන්දර හැගුම් මවන

ඒ සද නැගී එන

වෙසක් සුළගක් හමන

සිත මෙත් මලින් පීදෙන

අසිරිමත් තෙමගුල් දිනක් ය අද
 

බොදු දනන් තුටින් ඉපිලෙන
 

නිදහසේ සිතන හිතකට
 

කවිය වේවා වෙසග සමරන
 

@අසම්මත/16/05/21

 

සද පැතුම


ආදරය

කරුණාව

දයාව

ලෝකය තුල

සරන
 

සිතිවිලි අහුලන
 

සැම දනන් හට
 

නොඅඩුව
 

ලැබෙන්නට
 

පහන දල්වා
 

පතන පැතුම
 

වෙසක් සද ලගින් හිද !
 

@අසම්මත/16/05/21/@


බුදු පුදසුනට

පිදෙන

මේ මල

සත හට

ඇති දුක
 

නිවා සනහන
 

බුදුන් හට පුදමු අප හැම එක මිටක් කොට
 

@අසම්මත/16/05/21/@

නිවන


සත වෙත

පතමි

දුක

නිවන

මග
 

ඉක්මනින්
 

ලගා වේවා
 

හිත
 

පතුලටම
 

@අසම්මත/16/05/21/@

දුක


බුදුන්

දුටු

බුදුන්

දැකි
-
සිත
-
 

සොයා යමි
 

වෙසග
 

දින
 

අද
 


එගොඩ වන්නට
 

සසර
 

දුක
 

@අසම්මත/16/05/21/@

Friday, May 19, 2017

සුන්විම


ඉතිරියට තිබු සන්තකය

නුඔට ගන්නට සිතා

මුදා හරිනෙමි

සුලග ගෙනවිත් දෙයි සිතා

අයාලේ යන සිත ගැන සිතා
 

අහුලගන්නට ඕන නම්
 

පේුමයක් ඇත මං මුලා
 

කිසිත් කමකට නැති
 

හැම දේම අතාරින හිත
 

හදා ගනු හිත වහල්වන හිත ලග සොබා
 

@අසම්මත/16/05/19/@